රූපලාවණ්‍ය නිෂ්පාදන ගාන්නේ බලාගෙන...කවුද හිතුවේ ආයුර්වේද බෙහෙත්වලටත් මෙහෙම වෙයි කියලා

Sri Lanka World Beauty Medicines Sinhala news
By Kaushi May 24, 2025 09:22 AM GMT
Kaushi

Kaushi

Report

මේ වන විට රටේ ආයුර්වේද රූපලාවණ්‍යයට ඇති වටිනාකම පහත වැටී ඇති බව වාර්තා වේ. 

මේ සම්බන්ධයෙන් ආයුර්වේද ඖෂධ වෙළෙඳ සැල් හිමියන් පවසා සිටියේ ආයුර්වේද ඖෂධ යොදාගෙන නිපදවා තිබෙන රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා තිබෙන ඉල්ලුම විශාල ලෙස පහත වැටී ඇති බවයි.

ශ්‍රී ලංකා රූ රැජින සියදිවි නසා ගනී.... කවුරුත් විමතියට... (PHOTOS)

ශ්‍රී ලංකා රූ රැජින සියදිවි නසා ගනී.... කවුරුත් විමතියට... (PHOTOS)

එහි දී 2000 වසරේ සිට 2010 වසර දක්වා කාලයේ දී ආයුර්වේද ඖෂධවලින් නිපදවන ලද රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් පැවති බව සඳහන් විය.

එසේ වුවත් වර්තමානය වනවිට එම ඉල්ලුම විශාල ලෙස පහත වැටී ඇති බව ඔවුන්ගේ මතයයි.

තරුණ පරපුර ඉන් ඉවත්වීමට බලපාන හේතුව ලෙස වෙළෙදුන් පවසන්නේ පසුගිය කාලයේ දී ඇතැම් ආයුර්වේද රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කිරීමෙන් ඇතැමුන්ට මුහුණේ විවිධ සෞඛ්‍යමය ගැටලු උද්ගතවීම බවයි.

අනුදිට මොකද වුණේ පොලිසියෙන් විශේෂෙ නිවේදනයක්...

අනුදිට මොකද වුණේ පොලිසියෙන් විශේෂෙ නිවේදනයක්...

තව ද මේ වන විට බොහෝ දෙනකු ආයුර්වේද ඖෂධ වර්ග මිල දී ගෙන ඔවුන් විසින්ම තෙල් වර්ග සහ රූපලාවණ්‍ය කටයුතුවලට යොදා ගන්නා දෑ නිවසේදීම සකස් කර ගැනීම එම නිෂ්පාදනවලට තිබෙන ඉල්ලුම අඩුවීමට ප්‍රධාන හේතුවක් බව වෙළඳුන් පවසයි.

ඒ නිසා කොකුම් පොතු, සුදු හඳුන්වලට විශාල ඉල්ලුමක් පවතින බව ද වාර්තා වේ.

දැන් ලැබුණු විශේෂ නිවේදනයෙක්.. - ප්‍රවේශම් වෙන්න..

දැන් ලැබුණු විශේෂ නිවේදනයෙක්.. - ප්‍රවේශම් වෙන්න..

ReeCha