දළඳා වැඳලා බැසිල් ඡන්ද වැඩට අත ගහයි.(VIDEO)
By Wayomi
අද (24) උදෑසන බැසිල් රාජපක්ෂ මහනුවර ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණියා.
ඒ සිය පක්ෂයේ මැතිවරණ කටයුතු ආරම්භ කිරීමට ආශිර්වාද ලබාගැනීමටයි.
එහිදී අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා,
"අද තමා ආරම්භ කළේ. මුලින්ම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳගෙන.හැමතැනම නෑ. හුඟාක් තැන්වල වෙන වෙනම ඉල්ලන්නේ. අපි පළාත් පාලන ආයතන 252ක ඍජුව පොහොට්ටුව ලකුණින් තරග කරනවා. තව කිහිපයක් තියෙනවා විවිධ ලකුණුවලින්. යාපනය එහෙම වීණාවෙන්. මඩකලපුව බෝට්ටුවෙන්. අශ්වයාගෙන් තරග වදිනවා. තේ දල්ලෙන් තරග වදිනවා. ඔක්කෝම 340ක් තියෙනවා නේ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |