වැසුණු බාර් දැන් ඇරෙන්නෙ කවද්ද?..

Report

දිවයින පුරා සියලුම සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් ඊයේ (23) සහ අද වැසිණ.

වැසුණු බාර් දැන් ඇරෙන්නෙ කවද්ද?.. | Bars Closed For Vesak

එලෙස වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ය.

එයට හේතුව වෙසක් පුන් පොහොය බැවින් ය.

හෙට හරියටම 11.30ට වෙන දෙය දැනගෙන හිටිය ද?. ඇස් වතු වෙන, රතු නිවේදනයක් මෙන්න..

හෙට හරියටම 11.30ට වෙන දෙය දැනගෙන හිටිය ද?. ඇස් වතු වෙන, රතු නිවේදනයක් මෙන්න..


මෙයට අමතරව, මාතලේ නගර සීමාව තුළ පවතින සියලුම බලපත්‍රලත් සුරාසැල් මැයි 21 හා 22 දිනවලත් වසා තැබීමට කටයුතු කළේ ය.

ඒ, මාතලේ දිස්ත්‍රික්කයේ පැවැත්වුණ රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් ය.

මේ අතර, වෙසක් පොහොය දිනයේ වැඩි මුදලට අලෙවි කිරීම සඳහා බලපත්‍ර නොමැතිව මත්පැන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටුප් වැඩි කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.. වැඩිදුර තොරතුරු මෙතනින්.(PHOTOS)

වැටුප් වැඩි කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.. වැඩිදුර තොරතුරු මෙතනින්.(PHOTOS)


එමෙන්ම, මත්පැන් අලෙවි කිරීමෙන් ඔහු විසින් උපයා ගන්නා ලද මුදල් ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පුද්ගලයෙක් ය.

ඒ විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

මෙම වැටලීම ඊයේ (23) යාපනය පොලිස් වසමේ මඩම පාර, ගුරුනගර් යන ලිපිනයේ පිහිටි වෙළදසැලක් තුළ දී සිදුකර තිබෙනවා.

කාලයක් මාතෘකාවක් වුණ, අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ් වෙන්න හේතුව මෙන්න..(UPDATE)

කාලයක් මාතෘකාවක් වුණ, අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ් වෙන්න හේතුව මෙන්න..(UPDATE)


එහි දී ඔහු බලපත්‍ර නොමැතිව රජයේ සීල් අරක්කු 180 ml බෝතල් 25 ක් වෙසක් පොහෝ දා වැඩි මුදලට අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිට තිබෙනවා.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව වාර්තා වේ.