වහාම, දිවයින පුරා බාර් වැසේ.. ආය ඇරෙන්නෙ කවද්ද?. මත්පැන් ලෝලීන්ට තරු විසිවෙන ඒ ආරංචිය මෙන්න..

Economy of Sri Lanka Latest Headlines Decision Making
By krishani Oct 02, 2024 10:40 AM GMT
krishani

krishani

Report

හෙටට (03) ලෝක අමද්‍යම දිනය යෙදී තිබෙනවා.

ඒ නිමිත්තෙන් එදිනට දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන වසා තැබෙයි.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් එලෙස වසා තැබීමට නියෝග කර තිබෙනවා.

ඉන්ධන මිල අඩු වුණා කියලා සතුටු වුණා විතරයි.. මෙන්න ආයෙම එහෙ කැපී පෙනෙන්නම වැඩි කරලා..

ඉන්ධන මිල අඩු වුණා කියලා සතුටු වුණා විතරයි.. මෙන්න ආයෙම එහෙ කැපී පෙනෙන්නම වැඩි කරලා..


එමෙන්ම, එදින සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සඳහා විවෘතව තැබෙනු ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

වැහෙයි ද?. නැත්නම් ඇරෙයි ද?. බාර් ගැන මාලිමා ආණ්ඩුවෙන් එකවරම ගත්ත තීරණය..

වැහෙයි ද?. නැත්නම් ඇරෙයි ද?. බාර් ගැන මාලිමා ආණ්ඩුවෙන් එකවරම ගත්ත තීරණය..


මේ අතර, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සියලුම මත්පැන් නිෂ්පාදකයින්ට 2023 – 2024 අදාළව සුරාබදු ගෙවීම් පැහැර හැරියොත් 2025ට අදාළ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ලබා නොදෙන බවට සඳහන් කර තිබෙනවා.

අද (02) පෙරවරුවේ සුරාබදු දෙපාර්තමේන්තුව සහ මත්පැන් නිෂ්පාදකයින් සමග පැවති මාධ්‍ය හමුවක දී සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඒ බව පැවසීය.

උඩු දුවපු ශිෂ්‍යත්ව විභාග ගැටළුව රටේ ලොකුම පුටුව ළඟටම යයි.. වහාම ජනපති කීව දෙය මෙන්න..

උඩු දුවපු ශිෂ්‍යත්ව විභාග ගැටළුව රටේ ලොකුම පුටුව ළඟටම යයි.. වහාම ජනපති කීව දෙය මෙන්න..


ඒ අනුව මින් ඉදිරියට නිෂ්පාදනය කරන මත්පැන් ප්‍රමිතියෙන් හා නියමාකාරයෙන් සිදු කිරීමට කිසිදු අක්‍රමිකතාවක් නොවන පරිද්දෙන් තවදුරටත් කටයුතු කළ යුතු වේ.

දූෂණයකට ඉඩ නොදී තමන්ට අදාළ බදු කොටස නිසි පරිදි නියම වේලාවට ගෙවීම සිදු කළ යුතු බවට සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් නිෂ්පාදකයින්ට දැනුම්දී ඇත.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්.. තව මාස කීය ද 2025 ට.. බාර් වැහෙයි?.

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්.. තව මාස කීය ද 2025 ට.. බාර් වැහෙයි?.


මේ අතර, මද්‍යසාර හේතුවෙන් රෝගී වූවන් වෙනුවෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 237ක් වැය කරන බව ADIC ආයතනය සඳහන් කළේ ය.

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්, ඔවුන් ප්‍රකාශ කළේ, මත්පැන් හේතුවෙන් වසරකට පුද්ගලයින් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ මිය යන බවයි.

ලොව පුරා සිදුවන වළක්වා ගත හැකි මරණවලින් 10න් අටකට හේතුව බෝවන රෝග වනවා.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන්න දිවයින පුරා බාර් වැසෙයි.. මෙන්න මේ දවසේ.. (PHOTOS)

මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන්න දිවයින පුරා බාර් වැසෙයි.. මෙන්න මේ දවසේ.. (PHOTOS)