ලංකා බැංකු සේවකයන් උද්ඝෝෂණයක

Report

නුවරඑළිය ලංකා බැංකු ශාඛාවේ සේවකයන් පිරිසක් 28 වනදා දහවල් කාලයේදී නුවරඑළිය වටරවුම් මාර්ගයේදී උද්ඝෝෂණයක නිරත විය.

මෙම උද්ඝෝෂණය සංවිධානය කළේ ලංකා බැංකු සේවක සංගමය විසිනි.

විපක්ෂයේ අවසන් තීන්දුව මෙන්න

විපක්ෂයේ අවසන් තීන්දුව මෙන්න

උද්ඝෝෂණය අතරතුර අදහස් පළ කළ සංගම සාමාජිකයින් සඳහන් කළේ, මාස 6 ක දිරිදීමනාවක් ලබාදීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණද, වත්මන් පාලකයන් විසින් එම මුදල අත්හිටුවීම හේතුවෙන් ඔවුන් මෙම විරෝධතාවට එළඹි බවයි.

ගැටළුවට විසඳුමක් නොලැබුණොත් හෙට දින දහවල් 12.30 සිට සියළුම ලංකා බැංකු ශාඛාවල සේවකයි සේවයෙන් ඉවත්වන බවයි ඔවුන් අවධාරණය කරන්නේ. ඒ අනූව ලබන 06 වැනිදා වන විට මේ තත්ත්වය තීව්‍ර කරමින් එක්දින වැඩවර්ජනයක් දක්වා ගෙන යන බවයි ඔවුන් පවසන්නේ.

මෙම උද්ඝෝෂණයට එම වෘත්තීය සමිතියේ සාමාජිකයින්ගේ දැඩි සහභාගීත්වයක් දක්නට ලැබුණි.

වැඩේ හරි.... පාතාලයට සම්බන්ධ මන්ත්‍රීලාගේ නම් ලැයිස්තුවක්

වැඩේ හරි.... පාතාලයට සම්බන්ධ මන්ත්‍රීලාගේ නම් ලැයිස්තුවක්