බැංකු ණය පොළිය පහළට. - බැංකුවල නවතම අනුපාතයන් මෙන්න.

Report

පසුගිය සතිය වන විට මෙරට ප්‍රධාන පෙළේ වානිජ බැංකු කිහිපයක් විසින්ම පිරිනමා ඇති ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් සියයට 9.00 මට්ටමින් පහළට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

ඔන්න මඟ බලන් හිටපු ආරංචියක්. - විදුලි ගාස්තු අද කරන දිනය ගැන දැනුම්දීමක්.

ඔන්න මඟ බලන් හිටපු ආරංචියක්. - විදුලි ගාස්තු අද කරන දිනය ගැන දැනුම්දීමක්.


මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ සමස්තයක් ලෙස පසුගිය සතිය අවසන් වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය Average Weighted Prime Lending Rate (AWPR), ඊට පෙර සතියේ පැවති 9.28% මට්ටමේ සිට 9.15% ක් දක්වා පහළ බැස ඇති බවයි.

ලෝක කුසලාන අවසන් තරඟයෙන් පසු දසුන් ශානකගෙන් අමුතු වාර්තාවක්.

ලෝක කුසලාන අවසන් තරඟයෙන් පසු දසුන් ශානකගෙන් අමුතු වාර්තාවක්.


මේ අතර පසුගිය සතිය තුළ දී මහජන බැංකුව (8.88%), හැටන් නැෂනල් බැංකුව (8.92%), කොමර්ෂල් බැංකුව (8.84%), යූනියන් බැංකුව (8.89%) හා NDB බැංකුව (8.81%), සියයට 9.00 ට වඩා පහළ මට්ටමක සිය බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් පවත්වා ගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

බැංකු ණය පොළිය පහළට. - ප්‍රතිශතය මෙන්න.

බැංකු ණය පොළිය පහළට. - ප්‍රතිශතය මෙන්න.


Gallery