බැංකු ණය පොළිය පහළට. - ප්‍රතිශතය මෙන්න.
බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate - AWPR) පසුගිය සතිය වන විට 10% මට්ටමින් පහළට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.
ඒ, අනුව පසුගිය සතිය අවසානයේ දී බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) 9.92% ක් ලෙසින් සටහන්ව ඇති අතර ඊට පෙර සතියේ දී මෙම අගය 10.15% ක් ලෙසින් සටහන් වුණා.
මීට වසරකට පෙර මෙම අගයය දැක්වුණේ 21.32% ක් ලෙසින්.
මෙහිදී පෙනී යන්නේ, මෙම තත්ත්වය තුළ මෙරට වානිජ බැංකු කිහිපයකම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතික තනි ඉලක්කමක අගයයට පැමිණ ඇති බවයි.
පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මේ පිළිබඳව නිකුත් කළ සටහනක්.
