10%කට යටත්ව පොලී සහනාධාරයක්. - මෙන්න තවත් කැබිනට් අනුමැතියක්.

Sri Lanka Cabinet Government Of Sri Lanka Daily Gold Rates Interest Rate Sri Lanka Banks
By Wayomi Jul 23, 2024 08:37 AM GMT
Wayomi

Wayomi

Report

තනි පුද්ගල පදනමින් 2024 ජුනි 30 දින හෝ ඊට පෙර වාණිජ බැංකු විසින් රුපියල් 100,000 නොඉක්මවන උකස් අත්තිකාරම් සඳහා වසරකට උපරිම 10%කට යටත්ව පොලී සහනාධාරයක් සඳහා කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

බැංකු වල රන් ආභරණ උකසට තැබූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.


පසුගිය කාලයේ රට තුළ පැවති දරුණු ආර්ථික අර්බුදය ආර්ථිකයේ සෑම අංශයකටම සෘජුව හා වක්‍රව අහිතකර අන්දමින් බලපාන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රන් භාණ්ඩ උකස් කිරීම සීග්‍රයෙන් වැඩි වී ඇති බවයි රජය පවසන්නේ.

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.

කවුරුත් යන්න ආසාවෙන් හිටපු රටකින් ශ්‍රී ලාංකිකයින්ට රැකියා වරම්.

කවුරුත් යන්න ආසාවෙන් හිටපු රටකින් ශ්‍රී ලාංකිකයින්ට රැකියා වරම්.


2019 වර්ෂයේදී රුපියල් බිලියන 210ක් පමණ වූ උකස් අත්තිකාරම් වල හිඟ මුදල් ප්‍රමාණය 2024 මාර්තු මාසය වන විට රුපියල් බිලියන 571ක් පමණ 172%කින් වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බවද රජය සඳහන් කරනවා.

ලබන වසරේ සිට පාසල් සිසුන්ට නොමිලේ ලැබෙන දෙයක් ගැන අධ්‍යපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

ලබන වසරේ සිට පාසල් සිසුන්ට නොමිලේ ලැබෙන දෙයක් ගැන අධ්‍යපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.


එම තත්ත්වය සැලකිල්ලට ගෙන බලපත්‍රලාභී බැංකු මඟින් උකස් අත්තිකාරම් ලබා ගෙන ඇති අඩු ආදායම්ලාභී පුද්ගලයන් වෙත සහන සැලසීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව ගනුදෙනුකරුවන් විසින් තනි පුද්ගල පදනම මත 2024 ජුනි මස 30 හෝ ඊට පෙර බලපත්‍රලාභී බැංකු මඟින් ලබා ගත් රුපියල් 100,000 නොඉක්මවන උකස් අත්තිකාරම් සඳහා වාර්ෂිකව 10%ක උපරිමයකට යටත්ව, පොලී සහනාධාරයක් මහා භාණ්ඩාගාරය විසින් සලසා දීම පිණිස යෝග්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

මිල පහළට. - ඉන්ධන මිලෙහි විශාල වෙනසක්.

මිල පහළට. - ඉන්ධන මිලෙහි විශාල වෙනසක්.