බංග්ලාදේශ එක්දින නායකත්වයේ වෙනසක්
බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකත්වය මෙහෙඩි හසන් මිරාස්ට හිමිව තිබෙනවා.
ඉදිරි මාස 12ක කාලයක් සඳහා මෙහෙඩිට නායකත්වය හිමිව ඇති බවයි බංග්ලාදේශ ක්‍රිකට් කළමනාකාරිත්වය පැවසුවේ.
මෙලෙස පත් කර ඇත්තේ සැන්ටෝගෙන් පුරප්පාඩු වන නායකත්වය වෙනුවෙන්.
මෙම මාසයේ පැවැත්වෙන බංග්ලාදේශ - ශ්‍රී ලංකා එක්දින තරඟාවලියට මෙහෙඩි නායකත්වය සපයනවා.
මෙහෙඩිගේ එක්දින පත් වීමත් සමඟ බංග්ලාදේශයට ආකෘති තුනෙහිම වෙනස් නායකයන් තිදෙනෙකු සිටිනවා.
ඒ අනුව මෙහෙඩි එක්දින නායකයා ලෙසද , සැන්ටෝ ටෙස්ට් නායකයා ලෙසද ලිටන් දාස් විස්සයි විස්ස නායකයා ලෙසද කටයුතු කරනු ඇති.