දෙදෙනෙක් මරු කැඳවූ යෝධ ඇළේ අනතුර

Sri Lanka Police Investigation Accident
By Gagana News Mar 11, 2025 06:36 AM GMT
Gagana News

Gagana News

Report

ඊයේ (10) රාත්‍රියේ බකමූණ පොලිස් වසමේ නාඋල ඇළහැර මාර්ගයේ අලිකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මාර්ග සංඥා කණුවක ගැටී යෝධ ඇළට පෙරළී සිදුවූ අනතුරකින් මෝටර් රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවක් මියගොස් තිබේ.

එම අනතුරින් තුවාල ලැබූ තවත් කාන්තාවක් බකමූණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා ඇත.

අනතුරින් මියගිය රියදුරු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවටත්, මියගිය කාන්තාව හා තුවාලකාරිය නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි මවක සහ දියණියක බවට අනාවරණය වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමේ ලේඛන කිසිවක් හමුවී නොමැති අතර මෝටර් රථය ගොඩට ගැනීමට කටයුතු කරමින් පවතින බව වාර්තා වන අතර මිය ගිය අයගේ මෘත ශරීර බකමූණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් වාර්තා වේ.

බකමූණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

දරුවාගේ අපයෝජන සිද්ධියට යුක්තිය ඉල්ලා හිටපු අගමැති දියණිය අනුර හමුවට!

දරුවාගේ අපයෝජන සිද්ධියට යුක්තිය ඉල්ලා හිටපු අගමැති දියණිය අනුර හමුවට!

මාලනී ෆොන්සේකා සම්බන්ධයෙන් දැන් ලැබුණු පුවත..

මාලනී ෆොන්සේකා සම්බන්ධයෙන් දැන් ලැබුණු පුවත..

ReeCha