ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ බක් පුර පසළොස්වක පොහොය අදයි..
By Aruna
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබෙනවා. බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුව තිබේ.
බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයකයි.
චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කරන්නේ ද අද වැනි උතුම් පොහොය දිනකයි.

එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
ඒ අනුව බක් පොහොය දිනය වෙනුවෙන් දිවයින පුරා ආමිෂ හා ප්‍රතිපත්ති පූජා පැවැත්වෙයි.