බදුලු අනතුරින් සරසවි සිසුවියන් දෙදෙනෙක් දිවි ගමනින් යන්නම යනකොට.. තුවාල ලැබූවන්ගෙ තත්ත්වය මෙන්න.. රියදුරත් ICU එකේ..

Report

පසුගියදා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සූරියවැව මණ්ඩපයේ සිසු සිසුවියන් සහ ආචාර්යවරු ඇතුළු කණ්ඩායමක් ගමන් කරමින් තිබූ බස්රථයක් අනතුරට ලක් විය.

එම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බව බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා සඳහන් කළේ ය.

ඕනම කරන ඩීසල් පෙට්‍රල්.. ඉන්ධන මිල සංශෝධනයන්ට මොකද වෙන්නේ?.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියන දෙය මෙන්න..

ඕනම කරන ඩීසල් පෙට්‍රල්.. ඉන්ධන මිල සංශෝධනයන්ට මොකද වෙන්නේ?.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියන දෙය මෙන්න..


එමෙන්ම, ඒ මහතා පැවසුවේ බස් රථයේ රියදුරා අසාධ්‍ය තත්වයෙන් බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බැවින් මෙතෙක් ඔහුගෙන් ප්‍රකාශයක් සටහනකර ගැනීම නොහැකි වී ඇති බවයි.

ඉකුත් 01 වෙනිදා බදුල්ල - මහියංගනය මාර්ගයේ දුන්හිඳ ට නුදුරු අඹගහඹය 4 කණුව ප්‍රදේශයේදී සිදුවු මෙම අනතුරින් ශිෂ්‍යාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 42ක් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළු කරනු ලැබීය.

බසය පැද වූ රියදුරා ගාල්ල ඇල්විටිගල ජනපදයේ පදිංචි 41 හැවිරිදිසිවිල් පුද්ගලයෙක් බව විමර්ශනවලදි අනාවරණය වී තිබෙනවා.

අනතුරට පත්වූ බස්රථය පිළිබඳව මේ දක්වා මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක්වී නොමැති බවත් එම වාර්තාව ලැබීමෙන් පසු මෙම අනතුරට හේතුව කාර්මික දෝෂයක්ද නැතිනම් රියදුරාගේ අපරික්ෂාකාරි රිය පැදවීම දැයි නිගමනය කළ හැකි බවත් ඔහු පැවසීය.

දෙගොඩ තලන.. ඇද හැලෙන මහ වැස්සෙම.. ජල කප්පාදුවකුත්.. වෙලාව එක්ක ප්‍රදේශ ටික මෙන්න..(PHOTO)

දෙගොඩ තලන.. ඇද හැලෙන මහ වැස්සෙම.. ජල කප්පාදුවකුත්.. වෙලාව එක්ක ප්‍රදේශ ටික මෙන්න..(PHOTO)


මේ අනතුරට ලක්වු තුවාලකරුවන් පිරිසගෙන් මේ වනවිටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ දැඩි සත්කාර ඒකයේ පසුවන තුවාලකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

මේ අතර, බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළු කර සිටි තුවාලකරුවන් 40 දෙනාගෙන් අද (4) වනවිට 13 දෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවී ගොස් ඇත.

රජයෙන් දෙන මුදල් සහනාධාරය ලැබුණ ද?. ප්‍රථම අදියර යටතේ රු.15,000ක් මෙන්න..

රජයෙන් දෙන මුදල් සහනාධාරය ලැබුණ ද?. ප්‍රථම අදියර යටතේ රු.15,000ක් මෙන්න..


එමෙන්ම, තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 27 දෙනෙක් පමණක් බව බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

කෙසේ වෙතත්, ඒ අතරින් 7 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද ඔහු සඳහන් කළේ ය.