වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

Report

ඉකුත් මාස කිහිපය තුළ වාහන ආනයනයේ විශාල වර්ධනයක් දක්නට ලැබුණද, නව වාහන මිලදී ගැනීම් සඳහා වන ඉල්ලුම දැනට අඩුවීමක් පෙන්නුම් කරන බව වාහන ආනයනකරුවෝ ප්‍රකාශ කරයි.

ඒ අනුව වසර ගණනාවක් පැවති සීමා කිරීම්වලින් අනතුරුව ඇතිවූ සැඟවුණු ඉල්ලුම සපුරාලීමට ආනයනය කළ වාහන ප්‍රවාහය නිසා ආරම්භක ගැණුම්කරුවන්ගේ උද්යෝගය පහව යාමත් සමඟ දැන් වන විට වෙළඳපොළ සිසිල්වීමේ කාල පරිච්ඡේදයක් අත්විඳිමින් සිටින බව ඔවුන් ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා විසින්, මෑත මාසවලදී ආනයන පරිමාව සැලකිය යුතු ලෙස ඉහළ ගියද, ආරම්භක ඉල්ලුම බොහෝ දුරට සපුරා ඇති නිසා වෙළඳපොළ මේ වන විට සාමාන්‍ය වීමේ කාල පරිච්ඡේදයක් අත්විඳින බව සඳහන් කළා.

මේ ලග්නවලට අද මුදලින් වාසි ගේන ධන යෝග රැසක් එක්ක ප්‍රශංසා ගොඩක්

මේ ලග්නවලට අද මුදලින් වාසි ගේන ධන යෝග රැසක් එක්ක ප්‍රශංසා ගොඩක්

එමෙන්ම ඉල්ලුම අඩුවීම හමුවේ ඇතැම් නව වාහන ආනයන සමාගම් නව ගැණුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට ප්‍රවර්ධන චාරිකා වැනි ප්‍රවර්ධන වැඩසටහන් දියත් කර ඇති බව ද සඳහන්.

තවද “ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් තරම් නව වාහන රටට ලැබෙමින් පවතින අතර, රටේ සෑම වාහන අලෙවියක්ම නව මාදිලියන්ගෙන් පිරී ඇත” යනුවෙන් ද පැවසුවා.

ගණුදෙනුකරුවන් 50,000කගේ තැන්පතු අහිමි වීම ගැන සජිත් හෙළි කරයි

ගණුදෙනුකරුවන් 50,000කගේ තැන්පතු අහිමි වීම ගැන සජිත් හෙළි කරයි

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් අලුතින් ආනයනය කරන ලද වාහන දින 90කට (මාස තුනකට) වඩා වැඩි කාලයක් අලෙවි නොවී තිබුණොහොත් එහි CIF (මිල, රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහනය) වටිනාකමෙන් සියයට තුනක (3%) දඩ මුදලක් රජයට ගෙවිය යුතු බව කියා සිටියා.

එමෙන්ම එම පිරිවැය වාහන ආනයනකරු විසින් දැරිය යුතු වන අතර ගැණුම්කරුට බල නොපාන බවත් සඳහන්.

ටෙස්ලා ‘ඔටෝ පයිලට්’ වාහනවල එකපිට එක ලෙඩ - වැරදි පැත්තෙන් ධාවනය වෙනවලු

ටෙස්ලා ‘ඔටෝ පයිලට්’ වාහනවල එකපිට එක ලෙඩ - වැරදි පැත්තෙන් ධාවනය වෙනවලු

මෙන්න සුරක්ෂාවෙන් පාසල් සිසුන්ට තවත් ප්‍රථිලාභ

මෙන්න සුරක්ෂාවෙන් පාසල් සිසුන්ට තවත් ප්‍රථිලාභ