කොරියා යන්න වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා ඉන්න අයට නරක ආරංචියක්
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලාංකිකයින්ට ඉතාලි රැකියා ලබා ගැනීම සඳහා නව ගිවිසුමකුත් දකුණු කොරියාවේ රැකියා ලබා ගැනීම සඳහා තිබෙන ගිවිසුම අලුත් කිරීමටත් කටයුතු කරන බව සඳහන් කළා.
ඒ අද(07) දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,
රුමේනියාවේ රැකියා පෙන්නා කෝටි 88ක් වංචා කළ රේන්බෝ ඒජන්සියේ හිමිකරු… එජාපයට පැනපු සජබ දේශපාලකයෙක් - විදේශ ඇමති විපක්ෂයේ කට වහපු හැටි
"ඉතාලිය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබුණා. නමුත් ඉතාලියෙන් රැකියා අවස්ථා අපිට ලැබිලා තිබුණේ නෑ. පහුගිය කාලයේ ලංකාවත් පාකිස්තානයත් අසාදුගත කරලා තිබුණේ. අපිට රැකියා දෙන තැනක හිටියේ නෑ. වීසා පවා නිකුත් කළේ නෑ. ඒ නිසා රැකියා ලැබුණේ නෑ. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. අපි මෑතක දී ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍රය ලබා ගන්න අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා. තව මාසයකින් විතර ඒක ක්‍රියාත්මක වෙනවා. මෙහෙන් ඉතාලියට රැකියා සඳහා යැවීම සඳහා අලුත් ගිවිසුම්වලට එළඹෙන්න අපි උත්සහ කරනවා. කොරියාව සම්බන්ධයෙන් ගත්තොත් කොරියාවට යන්න බලාපොරොත්තුවෙන් 10122ක් වෙබ් අඩවියේ ලියාපදිංචි වී සිටිනවා. අත්සන් කර තිබෙන ගිවිසුමේ වගන්තිවලට අනුව අවුරුදු දෙකක් ගත වන විට රැකියාව නොලැබුණොත් ඒ වෙබ් අඩවියෙන් ඔවුන්ගේ නම් ඉවත් වෙනවා. 10122ම එකවර අවුරුදු දෙකක කාලයක් සම්පූර්ණ කරන්නේ නෑ. බොහෝ අය මේ මාර්තු වන විට අවසන් කරනවා. අතර මැද ආපු අය තව ඉස්සරහට යනවා. සැලකිය යුතු පිරිසක් ඉවත් වෙනවා. ඒනිසා ගිවිසුමේ වගන්ති එහෙම තිබුණා වුණත් අපි HRD එකෙන් ඉල්ලීමක් කරලා තියෙන්නේ තව අවුරුද්දක්වත් මේ කාලය දික්කරන්න කියලා. කොරියා රැකියා අවස්ථා ප්‍රමාණයක් පහුගිය අවුරුද්දේ නොලැබුණේ කොරියාවේ ආණ්ඩුවේ තිබුණ අස්ථාවරත්වයත් එක්ක. කොරියාවේ ආණ්ඩු වැටුණා. භාරකාර ආණ්ඩු පිහිටෙව්වා, ජනාධිපතිවරයාට ඉවත් වෙන්න සිදු වුණා. එවැනි දේශපාලන අස්ථාවරත්වයන් ඇති වුණා. ඒ අස්ථාවරත්වයත් එක්ක ආර්ථික කඩා වැටීමක් වුණා. කොරියාවේ ඇති වුණු දේශපාලන ආර්ථික අස්ථාවරත්වයත් එක්ක අපිට එන රැකියාවල යම් අඩු වීමක් වුණා. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. දැන් නව ආණ්ඩුවක් පිහිටුවලා තියෙනවා. නව ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඒ නිසා මේ අවුරුද්දේ රැකියා අවස්ථා වැඩි වෙයි කියලා අපිට බලාපොරොත්තුවක් තියෙනවා. කොහොම වුණත් විශාල බලාපොරොත්තු තියාගෙන, විභාග සමත් වෙලා ගිවිසුම අනුව සමහර විට වෛද්‍ය පරීක්ෂණ 03ක් කරලා. මේවා අපි නෙවෙයි අත්සන් කළේ, මීට කලින් අත්සන් කරපු අවබෝධතා ගිවිසුම්. මේ ගිවිසුමේ තියෙන ගිවිසුම්වලට යටත්ව තමයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. කොහොම වුණත් මේ වෙබ් එකේ ඉඳන් ඉවත් වෙන අයව, ඉවත් නොකර තවදුරටත් රඳව ගන්න අපි HRD එකත් එක්ක සාකච්ඡා කරා. දැනටමත් ලිඛිතවත් දැනුම් දීලා තියෙනවා.
අපේ නියෝජ්‍ය ඇමතිතුමා මේ මාසයේ හෝ ලබන මාසයේ මුල කොරියාවට ගොස් මේ පිළිබඳව සාකච්ඡා කරලා යම් සහන කාලයක් ලබා ගන්න ඉල්ලීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟට වෙබ් එකේ ඉන්න අයව තෝරගන්නේ මෙහෙ ඉන්න අය නෙවෙයි. වෙබ් එකේ ඉන්න සමහර අයට තියෙනවා ගැටලුවක්, කලින්ම ලියාපදිංචි වෙලා ඉන්න අය ඉඳිද්දි මෑතක දී ලියාපදිංචි වූ අය රැකියාව හිමි වී පිටව යනවා. ඒක නිලධාරීන් කරන දෙයක් නෙවෙයි. අහඹු ලෙස තමයි තෝරා ගැනීම වෙන්නේ. ඒ තෝරා ගැනීම කරන්නේ කොරියාවේ ඉන්න කර්මාන්ත ශාලා හිමියෝ. ඒගොල්ලෝ HRD එකට කිව්වහම HRD එක ඒ තෝරා ගැනීම කරනවා. සමහර අවස්ථාවල දී මාස දෙකකට කලින් ලියාපදිංචි වුණ කෙනෙක් අහඹු ලෙස තේරෙන්න පුළුවන්. මේකෙත් යම් ගැටලුවක් තියෙනවා. මේ ගැන ගිවිසුමේ බැලුවහම, ගිවිසුමේ කොහෙවත් නෑ ලියාපදිංචි වෙච්ච අනුපිළිවෙලට යවන්න කියලා. අහඹු ලෙස තෝරා ගැනීම කියල තමයි තියෙන්නේ. මේ සියල්ල කරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය නෙවෙයි, කොරියාවේ HRD ආයතනය. ඒක අපිට පාලනය කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මේ ගිවිසුමත් අපි සංශෝධනය කරගන්න බලාපොරාත්තු වෙනවා. ඒ අනුව රැකියා බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ ඉන්න අයට කාලය දිග් කරගන්න අපි කොරියානු රජයත් එක්ක සහනයක් ගන්න උපරිම උත්සහ කරනවා." යනුවෙන්.