සහල් සම්බන්ධයෙන් සුවිශේෂී තීරණයකට එළැඹෙයි

Fried rice Financial crisis Fuel Price In World
By Sithumi Jul 01, 2022 03:36 PM GMT
Sithumi

Sithumi

Report

මාසිකව සහල් මෙට්‍රික් ටොන් 75,000 ත් 100,000 ත් අතර ප්‍රමාණයක් ආනයනය කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ, ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයට මුහුණදීම සඳහාය.  මේ අතර ඉන්දියාවෙන් මෙරටට ලැබීමට නියමිත මෙට්‍රික් ටොන් 65,000ක යූරියා තොගය එළඹෙන ජූලි 06 වනදා මෙරටට ළඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගිය 24වනදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. අමාත්‍යාංශය පැවසුවේ, එම පොහොර තොගය ජූලි 07 වැනිදා සිට 15 වනදා දක්වා ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදාදීම සිදුකරන බවය.

ඒ අනුව මෙවර යල කන්නයේ බඩඉරිඟු ගොවීන්ටත් යූරියා පොහොර නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

එම පොහොර මෙට්‍රික් ටොන් 65,000න් මෙට්‍රික් ටොන් 50,000ක් වී වගාව සඳහාත් මෙට්‍රික් ටොන් 10,000ක් බඩඉරිඟු වගාවටත් ලබාදීමට සැලසුම් කර තිබේ. එමෙන්ම, යූරියා පොහොර මෙට්‍රික් ටොන් 5,000ක් සහ යල කන්නයේ වී වගාවට යොදාගත් යූරියා පොහොරවලින් යම් ප්‍රමාණයක් ඉතිරි වුවහොත් එම ප්‍රමාණය තේ වගාව සඳහාත් ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.