මරළුවාව දෙවනත් කරමින් යුවළකට වෙඩි ප්‍රහාරයක්..

Report

වැල්ලව මරළුවාව ප්‍රදේශයේ නිවසක සිටි අඹු සැමි යුවළකට නාඳුනන පුද්ගලයෙකු විසින් ඊයේ (24) රාත්‍රියේ වෙඩි තබා පළාගොස් තිබේ.

ජාතී, ආගම්, පන්ති, පක්ෂ භේදයෙන් තොරව නත්තලේ සැබෑ යථාර්ථය පෙරදැරි කර ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමට කාලය එළඹ ඇත..

ජාතී, ආගම්, පන්ති, පක්ෂ භේදයෙන් තොරව නත්තලේ සැබෑ යථාර්ථය පෙරදැරි කර ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමට කාලය එළඹ ඇත..

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අඹු සැමි යුවල කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පිරිමි පුද්ගලයා මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 32ක් වූ මරළුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අසිරිමත් නත්තල වෙනුවෙන් රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්..(VIDEO)

අසිරිමත් නත්තල වෙනුවෙන් රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්..(VIDEO)

තුවාලකාරිය අවුරුදු 30ක් වූ තැනැත්තියක වන අතර ඔවුන් එම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි අඹුසැමි යුවළකි.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

You may like this video