සිදුවන දරුණු වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා පොලීසියෙන් විශේෂ නිවේදනයක්
ජංගම දුරකථනවලට ලැබෙන හඳුනා නොගත් සබැඳි (Links) සහ පණිවිඩ විවෘත කිරීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පෙන්වා දෙන්නේ එවැනි සැකකටයුතු පණිවිඩ මගින් සයිබර් වංචාවලට හසුවීමේ අවදානම බෙහෙවින් ඉහළ ගොස් ඇති බවයි.
විශේෂයෙන්ම යම් සබැඳියකට ප්‍රවේශ වීමට පෙර එහි අවසාන අකුරු පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස උපදෙස් දෙන පොලීසිය, .NET, .XYZ, සහ .CC වැනි අසාමාන්‍ය ආකාරයෙන් අවසන් වන සබැඳි වෙත කිසිසේත්ම ප්‍රවේශ නොවන ලෙස දැනුම් දී සිටී.
මෙමගින් ඔබගේ පෞද්ගලික දත්ත මෙන්ම බැංකු ගිණුම් තොරතුරු ද සොරකම් කිරීමේ අවදානමක් පවතින බැවින්, මෙවැනි සයිබර් තර්ජන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස පොලීසිය වැඩිදුරටත් මහජනතාවට දැනුවත් කරයි.