ආවා කල්ලියේ සාමාජිකයින් රදවාගන ප්‍රශ්න කරයි

Report

පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ආවා කල්ලියේ සාමාජිකයින් දෙදෙනා දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මධ්‍යම අපරාධ කාර්යංශය අවසර ලබාගෙන ඇත.

ඉන්දියාවට පළාගොස් සිටි මෙම සැකකරුවන් දෙදෙනා පසුගියදා මෙරටට පැමිණි අවස්ථාවේ, කටුනායක ගුවන් තොටුපළේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

යාපනයේ ප්‍රකට ආවා කල්ලියේ සාමාජිකයින් දෙදෙනෙකු වන මෙම සැකකරුවන් 2016 වසරේ මනිපායි ප්‍රදේශයේ සිදුකළ ඝාතනයකින් පසුව ඉන්දියාවට පළාගොස් සිටි බව වාර්තා වේ.

සාමාන්‍ය පෙළ සදහා විශේෂ නිවේදනයක් - නීතිය හමුවේ වර­ද­ක­රු­වකු නොවන්න

සාමාන්‍ය පෙළ සදහා විශේෂ නිවේදනයක් - නීතිය හමුවේ වර­ද­ක­රු­වකු නොවන්න

මෙම අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර තිබු බව සදහන් වේ.

මේ අතර ඔවුන් කටුනායක ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සදහා මධ්‍යම අපරාධ කාර්යංශය වෙත බාරදී ඇත.

තවද පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනුයේ ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වමින් කුලී වෙඩික්කරුවන් සැපයීමේ ජාවාරමක නිරත වී ඇති බවයි.  

වනිදුට ලෝක කුසලානය මග හැරෙයිද?

වනිදුට ලෝක කුසලානය මග හැරෙයිද?