පිටරට ගිහින් තමන්ගේ දරුවා හෝ සහකාරයා ගෙන්නගන්න අදහසින්ද හිටියේ? වීසා සඳහා දැඬි නීතියක් පැනවීමට තීරණ
ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් සඳහා තම සහකරු/සහකාරිය හෝ දරුවන් රට තුළට ගෙන්වා ගැනීම වළක්වන නව වීසා සීමා පැනවීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසා ඇත. මීට අමතරව තාවකාලික සංක්‍රමණිකයන් වෙනත් වීසා කාණ්ඩවලට මාරුවීම වැළැක්වීම සඳහා වන නීති ද දැඩි කිරීමට නියමිතයි.
විදෙස් මාධ්‍ය පවසන්නේ ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක්වි සින් ජාතික ප්‍රවෘත්ති සමාජය ඇමතීමට නියමිත විශේෂ දේශනයේදී මෙම නව පියවර පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බවයි.
දැනට වසරකට 300,000 ක් පමණ වන ශුද්ධ විදේශීය සංක්‍රමණිකයන් සංඛ්‍යාව 2028 වන විට 225,000 දක්වා අඩු කිරීම ද මෙහිදී සිදුවන බව වාර්තා වේ. දැනට පවතින නීති අනුව ජාත්‍යන්තර සිසුන්ගේ සහකරුවන්ට ඕස්ට්‍රේලියාව තුළ රැකියාවල නිරත වීමට සහ වයස අවුරුදු 18 ට අඩු දරුවන් රැගෙන ඒමට අවස්ථාව හිමි වන අතර නව සංශෝධන මගින් මෙම පහසුකම සීමා කිරීමට නියමිතයි.
කොවිඩ්-19 සීමා කිරීම්වලින් පසුව ඕස්ට්‍රේලියාවේ ද්වාර නැවත විවෘත කිරීමත් සමග ජාත්‍යන්තර සිසුන්, සංචාරක රැකියාවල නිරත වන්නන් සහ තාවකාලික කුසලතා පූර්ණ ශ්‍රමිකයන්ගේ පැමිණීම විශාල ලෙස ඉහළ ගොස් ඇත. 2023 වසරේදී ශුද්ධ සංක්‍රමණය 518,000 ක උපරිමයකට ළඟා වූ අතර, 2025 ජූනි වන විට එය 306,000 දක්වා පහත වැටුණු බව සඳහන් වේ.
කෙසේ වෙතත්, මාධ්‍ය වාර්තා කරන්නේ අධික සංක්‍රමණිකයන් සංඛ්‍යාව හේතුවෙන් රට තුළ නිවාස අර්බුදයක් සහ යටිතල පහසුකම් කෙරෙහි දැඩි පීඩනයක් එල්ල වී ඇති බවට චෝදනා එල්ල වෙන බවයි. මෙම පසුබිම හමුවේ, අති-දක්ෂිණාංශික One Nation පක්ෂය විසින් ඉදිරි වසර තුන තුළ තාවකාලික සංක්‍රමණිකයන් සංඛ්‍යාව 750,000 කින් කපා හැරීමට යෝජනා කර ඇති අතර, එමගින් රජයට එල්ල වී ඇති දේශපාලන පීඩනය ද මෙම තීරණයට හේතු වී ඇති බව වාර්තා වේ