ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව බ්‍රිස්බන් නගරය ආසන්නයට!

By Gagana News Mar 08, 2025 11:15 AM GMT
Report

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගරයට ආසන්න මොරෙටොන් දූපතට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවලට අධික වැසි ඇඳහැලෙමින් තිබෙන අතර, සුළගේ වේගයද ඉහළගොස් තිබේ.

එසේම එම ප්‍රාන්තවල දෙලක්ෂයකට අධික නිවාස සංඛ්‍යාවකට විදුලි ද ඇණ හිට ඇති බවත්, ඔස්ට්‍රේලියානු කාලගුණ බලධාරීන් දරුණු ජලගැලීම් ආපදා සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් ද නිකුත්කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනලා - සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශයට!

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනලා - සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශයට!

කෙසේ වුවද සුළි කුණාටුවේ ප්‍රචණ්ඩත්ව පළමු මට්ටමේ සුළි කුණාටුවක් දක්වා අවම වී ඇති අතර, උපරිම සුළඟේ වේගය පැයට කිලෝ මීටර 80ක් පමණක් වනු ඇති බව වාර්තා වේ.

එමෙන්ම වෙරළ තීර ආශ්‍රිතව ගැවසෙන පිරිස් හට ඩොලර් 16,000ක දඩයක් පැනවීමටත් බලධාරින් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එසේම මේ දක්වා කිසිදු මරණයක් වාර්තා වී නොමැති නමුත් බලධාරීන් නිවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ගෘහස්ථව රැඳී සිටින ලෙසයි.

 

මර්වින්ගේ ඉඩම් වංචාව - ප්‍රසන්න රණවීර ෆෝන් ඕෆ් කරං හැංගිලා!

මර්වින්ගේ ඉඩම් වංචාව - ප්‍රසන්න රණවීර ෆෝන් ඕෆ් කරං හැංගිලා!