මර්වින්ගේ ඉඩම් වංචාව - ප්‍රසන්න රණවීර ෆෝන් ඕෆ් කරං හැංගිලා!

By Shehan Mar 08, 2025 10:49 AM GMT
Shehan

Shehan

Report

රජයට අයත් ඉඩමක් හොර ඔප්පු සකස් කර විකිණීමේ චෝදනාවට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, එම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රසන්න රණවීර මහතාගේ කැලණිය ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් ඇති නමුත්, ඔහු එහි සිට නොමැති බව පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි. වාර්තාවලට අනුව ඔහු නිවසින් පලා ගොස් ඇති අතර, දැනට ඔහුගේ ජංගම දුරකථනය ද ක්‍රියා විරහිත කර ඇති බව පැවසේ.

චමුදිතට පාතාල නායකයෙකුගෙන් මරණ තර්ජන මැද යලි පොලිස් ආරක්‍ෂාව?

චමුදිතට පාතාල නායකයෙකුගෙන් මරණ තර්ජන මැද යලි පොලිස් ආරක්‍ෂාව?

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට පත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනකුව මාර්තු 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය නියෝග කර තිබේ.

පොලිස් ආරංචි මාර්ග අනුව, ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී ඔහු නිවෙසින් පලාගොස් ඇත. එම අවස්ථාවේදී නිවසේ සිටි රණවීර මහතාගේ බිරිද ඇතුළු පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් රහස් පොලිසිය, අනතුරුව ඔහුගේ රියදුරුගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන ඇති බව පැවසේ.

ගිනිගත් ගෙවල් වෙනුවට වන්දියි අලුත් ගෙවලුයි දෙකම ගත්ත මැතිසබේ සෙට් එක මෙන්න!

ගිනිගත් ගෙවල් වෙනුවට වන්දියි අලුත් ගෙවලුයි දෙකම ගත්ත මැතිසබේ සෙට් එක මෙන්න!

මෙම අපරාධය 2010 වර්ෂයේ සිදුව ඇති අතර, රජයට අයත් ඉඩමකට හොර ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධියට අදාළව කැලණිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු, ව්‍යාපාරිකයකු සහ නීතිඥයකු ඇතුළු තවත් පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. මේ සඳහා රහස් පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව පොලිස් උසස් නිලධාරියකු සඳහන් කරයි.

ReeCha