අද සිංහල අලුත් අවුරුදු නැකතක් යෙදිලා තියනවා , මේ ගැන දැනුවත්ද?

Report

2026 වසරේ සිට සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට ‘තෙල් වළං ලිප තබන නැකැත’ එක්කර ඇත

ඒ අනුව එම නැකැත අද එනම් අප්‍රේල් මස 05 වැනිදා ඉරිදා පූර්වභාග 11.08 ට යෙදෙන බව සදහන් වේ.

 රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා තෙල් වළං ලිප තබා එළැඹෙන සිංහල අවුරුද්දේ කැවිලි පිසීම ආරම්භයට සුදුසු බව සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද රාජ්‍ය අවුරුදු නැකැත් සීට්ටුවේ දැක්වේ.

මෙදිනට සියලු කැවිලි සකස් නොකරන බවත් ආරම්භය සනිටුහන් කරන බවත් සඳහන්ය ජ්‍යෝතිර්වේදීන්ගේ විද්වත් කමිටුව සදහන් කරන්නේ ආස්මී වැනි කැවිලි සඳහා පැණි දමා සකස් කිරීමට ද කාලය අවශ්‍ය බැවින් පැරණි ජන සම්ප්‍රදායේ මේ නැකැත් සැකසුණු තෙල් කැවිලි සැකසීම ආරම්භ වූ ආකාරයටම සිංහල අලුත් අවුරුද්ද ආරම්භයට දින ගණනාවක්ම ඉදිරියට තබා තෙල් කැවිලි පිසීමේ අවුරුද්ද ඇරඹෙන නැකැත නැකැත් සෑදීමේ විද්වත් කමිටුව විසින් ශාස්ත්‍රානුකූලවම සකසා සංස්කෘතික දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බවයි.

ජ්‍යෝතිර්වේදීන්ගේ විද්වත් කමිටුව වෙනුවෙන් ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී දේශබන්දු රවිශංඛ සේනානායක මහතා සදහන් කරන්නේ “තෙල් වළං ලිප තැබීමේ නැකැත” පැරණි අවුරුදු සමයන් තුළ පැවැති අතර එම නැකැත යනු ක්‍රි.ව. 1863 පෙර මෙරට මුද්‍රිත ලිත් සම්ප්‍රදාය ආරම්භයට පෙර පැවැති ප්‍රාදේශීය වශයෙන් ගම්වල නැකැත්කරුවන්, වෙද මහතුන්, ගුරුන්නාන්සේලා, ස්වාමීන් වහන්සේලා අතින් තැනුණු වටිනා කියන කරුණු සහ අර්ථ රැසක් කැටිවුණු සිංහල අලුත් අවුරුද්දේ ආරම්භකම නැකතක් බවයි