හිටපු ඇමති ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගතහොත්, ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දෙන බව නීතිපතිවරයා අද (24) අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.
මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ, ගම්මන්පිල මහතා විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා විසිනි.