රෑ යාමේ, ධනංජයගේ සහෝදරයට ගෙදරටම ඇවිත් ප්‍රහාරයක්.. වහාම රෝහලට.. දැන් තත්ත්වය මෙන්න..

Report

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ සහෝදරා වන සාවිත්‍ර සිල්වාට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ තියුණු ආයුධයකින් ය.

මෙය සිදුව ඇත්තේ අද (10) රාත්‍රී 7.30ට පමණ ය.

ඒ ඔහු පදිංචිව සිටින රත්මලානේ පිහිටි සිය නිවසේ දී ය.

10 වෙනි දවසේ රන් මිල පැන්න පිම්ම කොහොම ද?. සටහන් වුණ මිල ගණන් මෙන්න..

10 වෙනි දවසේ රන් මිල පැන්න පිම්ම කොහොම ද?. සටහන් වුණ මිල ගණන් මෙන්න..

කාල සීමාවත් කියයි.. විශේෂ තීරණයක්.. ගුරුවරුන්‍ට කළ දැනුම්දීම මෙන්න..

කාල සීමාවත් කියයි.. විශේෂ තීරණයක්.. ගුරුවරුන්‍ට කළ දැනුම්දීම මෙන්න..

එම අවස්ථාවේදී ඉන් බේරීමට ඔහු උත්සාහ කළ අවස්ථාවේදී ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ.

මේ සම්බන්ධයෙන්, පොලිසිය සැකකරනු ලබන්නේ මෙය පාතාල කල්ලියක සම්බන්ධයක් පවතින බවයි.

එහිදී තුවාල ලැබූ සාවිත්‍ර සිල්වා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කළේ ය.

එමෙන්ම ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව සදහන් වේ.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරනු ලබයි.

You May Like This Video👇