වැසි නොතකා ලබන 15 වෙනිදා කට්ටියකට විශේෂ වෙන්නයි යන්නේ..
By krishani
ලබන 15 වනදා ගැන විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා
ඒ මන්නාරම මරඳමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ දේව මෙහෙය පැවැත්වෙන බවයි.
එමෙන්ම, අනිද්දා රාත්‍රීයේ විශේෂ පූජාවක් ද පැවැත්වීමට නියමිත ය.
මෙවර ලක්ෂ පහක පමණ පිරිසක් එයට සහභාගීවනු ඇති බවට අපේක්ෂා කරයි.
මේ මස 15 වනදා පැවැත්වෙන ආශිර්වාද පූජාවෙන් පසු මඩු වන්දනා සමය ද අවසන්වනු ඇත.
කෙසේ වෙතත්, මේ දිනවල මන්නාරම ප්‍රදේශයට අධික වැසි පවතින බැවින් කඳවුරු බැඳීමට පැමිණෙන බැතිමතුන් අලෝකය සපයා ගැනීම සහ සීතලට ඔරොත්තු දෙන ආකාරයේ ඇඳුම් පැළඳුම් සකස් කරගෙන පැමිණෙන ලෙසට සංවිධායක කමිටුව දැනුම් දෙනු ලබයි.