අස්වැසුම ප්‍රතිලාභීන් ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න. - නිර්ණායක 22 රාජ්‍ය සේවකයනුත් ඉන්නවා.
අස්වැසුම ලබන ප්‍රතිලාභීන් අතර රජයේ සේවකයන් 33,000ක් පමණ සිටින බව අනාවරණය වී තිබෙනවා.
පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවක දී මේ බව අනාවරණය වී තිබෙනවා.
ඒ, අනුව අස්වැසුම ලබාදීම වෙනුවෙන් පැවැති සංගණනයේ දී එකතුකර ගත් දත්තවල යම් වැරදි ප්‍රමාණයක් තිබෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මෙම සාකච්ඡාවේ දී පිළිගෙන තිබෙනවා.
අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමට සලකා බැලෙන නිර්ණායක 22 රජයේ සේවකයෙක් ද නැද්ද යන්න පිළිබඳ ප්‍රශ්න නොකෙරෙන අතර ඇතැම් රාජ්‍ය සේවකයන් ද ඒ සඳහා සුදුසුකම් ලැබිය හැකිය යන්න මණ්ඩලයේ අදහස වී ඇත.
මෙහිදී ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වෙනමම කමිටුවක් පත් කිරීමට ද ජනාධිපති කාර්යාලයෙන් උපදෙස් දී ඇත.
එමෙන්ම ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී සහ ආර්ථික සංවර්ධන නිලධාරී යන තිදෙනාගෙන් යුත් කමිටු පත්කර මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ද මණ්ඩලය පියවර ගෙන ඇති අතර ඒ සඳහා මණ්ඩලය විසින් චක්‍රලේඛයක් ද නිකුත් කර තිබෙනවා.
කෙසේ වෙතත් අස්වැසුම ලැබීමට සුදුසුකම් නොලැබූ නිසා වන දුක් ගැනවිලි ලක්ෂ 8ක් පමණ මණ්ඩලයට ලැබී ඇත.
එම දුක් ගැනවිලි කමිටු මාර්ගයෙන් විසඳීමට ද මණ්ඩලය කටයුතු කරගෙන යන අතර ඒ අතරින් ලක්ෂ 4ක් පමණ දෙවැනි වටයට සුදුසුකම් ලබනු ඇතැයි මණ්ඩලයේ විශ්වාසය කරනවා.
EPF - වැන්දඹු සහ අනත්දරු ක්‍රමය සහ විශ්‍රාම වැටුප් ඇතුළු අංශ 5කට රජයෙන් අද කරන්න යන දේ මෙන්න.(නිවේදනය )
පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා වනවිට සමස්ත ප්‍රතිලාභීන් සංඛ්‍යාව දාහත් ලක්ෂ විසි දහසකි. ඒ අතරින් සංක්‍රාන්ති ගණය යටතේ සිටින තුන්ලක්ෂයක් පමණ මාර්තු මස 31 වැනිදා වනවිට වැඩසටහනින් ඉවත් කෙරෙනවා.
දෙවැනි වටයේ අයැදුම්පත් අටලක්ෂයෙන් සියයට පනහක් පමණ වැඩසටහනට අලුතින් එක් කෙරෙන අතර ඒ අනුව ප්‍රතිලාභීන් සංඛ්‍යාව දහඅට ලක්ෂ විසි දහසක් පමණ වනු ඇතැයි මණ්ඩලය පවසනවා.
මෙම වැඩසටහන වෙනුවෙන් පසුගිය වසරේ රුපියල් බිලියන 205ක් වෙන් කර තිබී ඇති නමුත් වැය කර ඇත්තේ රුපියල් බිලියන 180ක් පමණි.