ආර්ටෙමිස් II යානය පෘථිවියට ගමන් අරඹයි
පෘථිවියෙන් සැතපුම් 252,756ක් දුරක් ගමන් කරමින් සඳ පසුකර ගිය Artemis II ගගනගාමීන් මේ වනවිට යළි පෘථිවිය බලා ආපසු පැමිණෙමින් සිටී. ඔවුන්ගේ ආපසු ගමන සම්පූර්ණ කිරීමට දින හතරක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එම කණ්ඩායම රැගත් යානය අප්‍රේල් 10 වනදා, අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.07ට අමෙරිකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් පිහිටි පැසිෆික් සාගරයේ splashdown (ජලගත ගොඩබෑම) කිරීමට නියමිතයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ගෝලීය කොටස් වෙළඳපොළ කැළඹෙයි – බොරතෙල් මිල බැරලයකට ඩොලර් 110 ඉක්මවයි
ඉන් අනතුරුව සහන කණ්ඩායම් විසින් හෙලිකොප්ටර් යානා උපයෝගී කරගනිමින් ගගනගාමීන් මුහුදෙන් ගොඩට රැගෙන, අසල පිහිටි අමෙරිකානු නාවික හමුදා නෞකාවකට මාරු කරනු ඇත.
එම නෞකාව ගොඩබිම දෙසට ගමන් කරන අතරතුර ගගනගාමීන්ගේ වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට සැලසුම් කර ඇති බව නාසා ආයතනය පවසයි.