ඉටිපන්දමක් දැල්වීමට යන විට සිදු වුනායි කී සයමස් ගබිනියගේ හදිසි මරණය සියදිවි නසා ගැනීමක්?...

Sri Lanka Police Jaffna Sri Lanka Death
By Piyumika Feb 17, 2025 04:19 AM GMT
Piyumika

Piyumika

Report

යාපනය චාවකච්චේරී සහකාර ප්‍රාදේශීය ලේක්ම්වරිය වන තමිලිනී සදීසන් සිය සිරුරට ගිණි තබා ගැනීමෙන් ඊයේ (16) මියගිය බවට අනාවරණය වී තිබෙනවා.පවුලේ ආරවුලක් මත ඇය මෙසේ සියදිවි හානි කරගත් බවටයි තොරතුරු හෙළි වී ඇත්තේ.

යාපනයේ නීර්වේලි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක් වූ ඇය සමග ඇගේ කුස තුළ සිටි හය මාසයක බිළිඳු කලලයද මියගොස් ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සනාථ කර තිබෙනවා.

රික්ටර් මාපක 4.0ක ප්‍රබල භූ කම්පනයක්...

රික්ටර් මාපක 4.0ක ප්‍රබල භූ කම්පනයක්...

මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්වාමියා යාපනයේ කෝපායී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරියෙකු වන අතර, ඔවුන්ට වයස අවුරුදු හයක දියණියක් ද සිටිනවා.

ඇයව රෝහල්ගත කරන විට ස්වාමි පුරුෂයා ප්‍රකාශ කර ඇත්තේ, කාමරයක ඉටිපන්දමක් දැල්වීමට ගිය අවස්ථාවේදී ඇයගේ සිරුරට ගිණි ඇවිලුණු බවයි.

මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය සම්බන්ධයෙන් යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රේම්කුමාර් නාමශිවායම් විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය වී ඇත්තේ, ඇය මාස හයක ගැබිණි කාන්තාවක් බවත්, මවත් කුසේ වූ දරු කලලයත් මියගොස් ඇත්තේ අධික ලෙස රශ්මියට පත් වී ඇති වූ අභ්‍යන්තර රුධිර වහනයකින් හා දැඩි කම්පනයකින් බවයි.

"ඉලෙක්ට්‍රික් දුම්රිය ගේන්න කලින් ලංකාවේ දුම්රිය වාර කැන්සල් වෙන එක නවත්වන්න ඕනේ.. "දුම්රිය ධාවනයේ ගුණාත්මකභාවය වැඩිකිරීමට අවධානය..

"ඉලෙක්ට්‍රික් දුම්රිය ගේන්න කලින් ලංකාවේ දුම්රිය වාර කැන්සල් වෙන එක නවත්වන්න ඕනේ.. "දුම්රිය ධාවනයේ ගුණාත්මකභාවය වැඩිකිරීමට අවධානය..

ඉදිරිපත් වූ සාක්කි වලට අනුව මෙම මරණය සිය දිවි හානි කර ගැනීමක් ලෙස යාපනය රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්. ජෙයබාලන් තීරණය කොට ඇති අතර, මියගිය අයගේ මළ සිරුර ආදාහනය නොකොට යළි ගොඩ ගැනීමකට අවශ්‍ය වුවහොත් එය සිදු කිරීමට හැකි පරිදි වෙනම ස්ථානයක මිහිදන් කරන ලෙසටද නියෝග කර තිබෙනවා.


ReeCha