"ඉලෙක්ට්‍රික් දුම්රිය ගේන්න කලින් ලංකාවේ දුම්රිය වාර කැන්සල් වෙන එක නවත්වන්න ඕනේ.. "දුම්රිය ධාවනයේ ගුණාත්මකභාවය වැඩිකිරීමට අවධානය..

Sri Lanka Government Of Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By Piyumika Feb 17, 2025 03:27 AM GMT
Piyumika

Piyumika

Report

දුම්රිය ධාවනය ප්‍රමාද වීම වැළැක්වීම සඳහා දෛනිකව එක්කරන දුම්රිය එන්ජින් ප්‍රමණය ඉහළ නැංවීමට කටයුතු කරන බව රජය පවසයි.

රික්ටර් මාපක 4.0ක ප්‍රබල භූ කම්පනයක්...

රික්ටර් මාපක 4.0ක ප්‍රබල භූ කම්පනයක්...

ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ඒ තුළින් දුම්රිය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හැකියාව පවතින බවය.

"මොකක් හරි කියන්න කලින් ඉලෙක්ට්‍රික් දුම්රිය ගේන්න කලින් ලංකාවේ දුම්රිය වාර කැන්සල් වෙන එක නවත්වන්න ඕනේ. දෛනිකව දුම්රිය වාර 217ක් 220ක් වගේ යනවා. පහුගිය කාළේ එකෙන් 17ක් 18ක් 20ක් වගේ කැන්සල් වුණා. අපි පුළුවන් තරම් බලන්න ඕනේ කැන්සල් වෙන එක නතර කරන්න. එකට කරන්න ඕනේ දුම්රිය එන්ජිම් ටික ධාවන මට්ටමේ තියා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් දෛනික ධාවනයට ලංකාවට ඕනේ වෙනවා දුම්රිය එන්ජින් 60ක් 70ක් විතර. නමුත් පසුගිය කාලේ 45ක් 50ක් විතර සැපයුම තිබුණේ. අපි බලනවා මේක වැඩි කරන්න. ඒක සාර්ථක වෙමින් පවතිනවා. පෙබරවාරි මාසේ අන්තිම වෙනකොට දෛනික ධාවනය සඳහා යොදන එන්ජින් ප්‍රමාණය 60කට වඩා වැඩි ප්‍රමාණයක් තියාගන්න. ඒ වගේම දවකට කැන්සල් වෙන ප්‍රමාණය අඩු කරන්න. ලංකාවේ ධාවනය වෙන දුම්රිය වලින් 52%ක් විතර දෛනිකව ධාවනය වෙනවා. 17%ක් විනාඩි 10කට වඩා පරක්කු වෙලා යන්නේ. 10%ක් පැය භාගයකට වඩා පරක්කු වෙලා යන්නේ. මේ සේවයේ ගුණාත්මකභාවය වැඩි කරන්න නම් අපි දුම්රිය නියමිත වෙලාවට යන්න ඕනේ. ඒ සඳහාත් අපි අවධානය යොමු කරලා තියෙන්නේ."

මිල පහළ යාමක්...බලන්නකෝ කොහොමද ඒ අඩුවීම කියලා..

මිල පහළ යාමක්...බලන්නකෝ කොහොමද ඒ අඩුවීම කියලා..

You may like this video

ReeCha