ප්‍රධාන මාධ්‍ය නාලිකාවක ප්‍රධානියෙක්ගේ පුතාට හොඳටම ගහලා - ගහන කොට හෝටලේ සභාපතිත් බලන් ඉඳලා - චානක
ඉකුත් සැප්තැම්බර් 12 වන දින වෝටර්ස් එජ් හෝටලයේදී ප්‍රධාන ගුවන් විදුලි නාලිකාවක ප්‍රවෘත්ති අංශ ප්‍රධානියකුගේ පුත්‍රයකුට කාන්තාවකට හා තවත් දෙදෙනෙකුට බරපතළ ආකාරයට පහරදීමක් සිදුවී ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙම සිදුවීම සිදුවී මාස ගණනක් ගතවී තිබුනද තවමත් කිසිවකු හෝ අත්අඩංගුවට ගෙන නොමැති බව ඩී.වී චානක වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම අඳාළ පහරදීම සිදුවන විට වෝටර්ස් එජ් හෝටලයේ සභාපති වරයාද එතැන සිට ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා ඇත.
මෙසේ දේශපාලන හයිය ගෙන එම පහරදීම සිදුකර ඇති බවත් මේ පරීක්ෂණ කඩිනම් කරන ලෙස තමා පොලිසිය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඩී.වී චානක මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඉල්ලා සිටියා.