අර ගම්පෙරළිය ලියපු මෝඩයා මොකාද...තොපි කොච්චර ගොන් ද? සෝෂල් මීඩියා කළඹපු ටියුෂන් ගුරාට වෙච්ච දේ - තවත් වීඩියෝවක්[VIDEO]
හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාට අපහාසාත්මක අයුරින් ප්‍රකාශ සිදුකළ බව කියන ටියුෂන් ගුරුවරයෙකුට විරුද්ධව නීතිමය පියවර ගත යුතු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර ඇත.
ඒ අනුව අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය පුළුල් ව්‍යාප්තියත් සමඟ, රටක් නියෝජනය කරන ගෞරවනීය පුද්ගලයන්ගේ අභිමානය රැක ගැනීම උදෙසා යම් පාලනයක අවශ්‍යතාවය ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
අමාත්‍යවරයා මෙම අදහස් කැබිනට් මාධ්‍ය හමුවකදී පළ කර සිටියේ මාර්ටින් වික්‍රමසිංහ මහතාට අපහාස වන සේ ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා එල්ල වන ටියුෂන් ගුරුවරයෙකු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙවැනි සිදුවීම් පාලනය කිරීමට නීති පද්ධතියක් අත්‍යවශ්‍ය බවත්, එම නීතිය ජීවත්වන පුද්ගලයන්ට පමණක් නොව, රටක් නියෝජනය කරන ගෞරවනීය පුද්ගලයන්ගේ අභිමානය ආරක්ෂා කිරීමට ද වැදගත් වන බවත්ය.
එමෙන්ම ඔහු අවධාරණය කළේ අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ව්‍යාප්ත වීමත් සමඟ, ඒ තුළ සිදුවන මෙවැනි ක්‍රියාවන් සඳහා යම් පාලනයක් තිබිය යුතු බවටයි.
මෙය මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය මර්දනයක් හෝ භාෂණයේ නිදහස අහිමි කිරීමක් වශයෙන් අර්ථකථනය නොකළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සමාජයේ සුරක්ෂිත පැවැත්මට යම් නීති පද්ධතියක් අත්‍යවශ්‍ය බව ද කියා සිටියා.
තවද අමාත්‍යවරයා පැහැදිලි කළේ මෙවැනි කරුණු රීති පද්ධති මඟින් කළමනාකරණය කරගත හැකි නම් එය වඩාත් යෝග්‍ය බවත්, එහෙත් රීති, සම්ප්‍රදායන් සහ සමාජයේ පැවැත්ම නොසලකා කටයුතු කරන පුද්ගලයන් කිහිපදෙනෙකු සඳහා නීති අත්‍යවශ්‍ය බවත්ය.
ඊට අමතරව මාර්ගගත ආරක්ෂක පනත (Online Security Bill) වෙනුවෙන් දැනටමත් අදහස් විමසීම් සිදු කරමින් සිටින බවත්, ඒ සඳහා මහජන අදහස් දැක්වීම ද වැදගත් බවත් ඔහු පැවසුවා.
මේ අතර අඳාළ ප්‍රකාශය සිදු කළ බව පවසන ටියුෂන් ගුරුවරයා විසින් තම ප්‍රකාශයට සමාව ඉල්ලමින් සිදු කළ වීඩියෝවක්ද මේ වන විට සංසරණය වෙමින් පවතී. අඳාළ වීඩියෝව පහතින්,