මහ මෝල්වලට යුද හමුදාව. - සහල් අර්බුදය උඩු දුවයි. - ජනපති AKD ගේමට බහී.
පවතින සහල් හිඟය මහා පරිමාණ මොල් හිමියන් කෘතිමව ඇති කරන ලද්දක් බවට ජාතික ගොවිජන එකමුතුව චෝදනා කරනවා.
වෙළඳපළේ ඇති කරන කෘතීම සහල් හිඟයක් හරහා තම ගබඩාවල ඇති කීරි සම්භා හා සම්බා සහල් විකුණා ගැනීමට ඔවුන් සැලසුම් කර තිබෙන බවයි එම සංවිධානයේ සභාපති අනුරාධ තෙන්නකෝන් පෙන්වා දෙන්නේ.
ඔහු චෝදනා කරන්නේ අදටත් රට තුළ ඇති වී සංචිත ප්‍රමාණය ගණනය කර ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බවයි.
මාධ්‍ය හමුවක් අමතමින් මෙම කරුණු දැක්වූ ඔහු වැඩිදුරටත් කියා සිටියේ, හමුදා බලය හෝ පාවිච්චි කරමින් මෙම මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව ඇති වී සංචිත ප්‍රමාණය ගණනය කර සහල් අර්බුදයට විසඳුම් සැපයිය යුතු බවයි.