ඇල්ල වැල්ලවාය අනතුරෙන් ජීවිත බේරගත් විශේෂ බලකා වීරයාට හමුදාපතිගෙන් ප්‍රශංසා

Report

පසුගියදා 16 දෙනකුට මරු කැඳවමින් ඇල්ල වැල්ලවාය ප්‍රදේශයේ සිදුවූ දරුණු අනතුර බොහෝ දෙනෙක්ගේ සංවේදිත්වයට හේතු වූ සිදුවීමක් බවට පත්විය.

ඒ වගේම මේ අනතුර සිදු වූ අවස්ථාවේ දී තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා විශේෂ බලකා රෙජිමේන්තුවේ පුද්ගලයෙක් ඉදිරිපත් විය.

ඔහු නමින් විශේෂ බලකා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.වී.එම් බණ්ඩාරයි. ඔහු තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා සිදු කෙරූ මේ වීරක්‍රියාව හේතුවෙන් යුද හමුදාපති ලුතින ජෙනරල් ලසන්ත රෝද්‍රිගෝ ඔහුව අගය කොට තිබේ.

මධ්‍යම කඳුකර ප්‍රදේශයට අවදානම් තත්ත්වයක්

මධ්‍යම කඳුකර ප්‍රදේශයට අවදානම් තත්ත්වයක්

එහිදී ඔහුට මූල්‍යමය පරිත්‍යාගයක් ද ප්‍රදානය කර ඇති බව සඳහන්. ලාන්ස් කෝප්‍රල්වරයාගේ එම ක්‍රියාව අගය කිරීම සිදුවූයේ ඊයේ (16) සිදුවූයේ යුද්ධ හමුදා මූලස්ථානයේදීයි.

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලගේ පෙත්සමකටත් දින

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලගේ පෙත්සමකටත් දින

රාජකාරියෙන් බැහැරව නිවාඩු ලබා සිටියදී වුවද එම ජීවිත ගලවා ගැනීමේ කටයුතුවල යෙදී සිටියදී ඔහුගේ හිසට බරපතල තුවාල සිදු වුවද ඒ ගැන නොතකා සිදුකරනු ලැබූ එම නිර්භීත ක්‍රියාව අගය කල යුද්ධ හමුදාධිපතිවරයා විසින් ලාන්ස් කෝප්‍රල් බණ්ඩාර වෙත මුල්‍ය පරිත්‍යාගය සහ මෙම ඇගයීම සිදුකර තිබෙනවා.

කොටහේනේ තවත් අපරාධයක්, තරුණයෙක් ජීවිතක්ෂයට

කොටහේනේ තවත් අපරාධයක්, තරුණයෙක් ජීවිතක්ෂයට