ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවිතය අනතුරේ? ට්‍රම්ප් එනතෙක් ගොල්ෆ් පිටියේ වෙඩික්කරු සැඟවී ඉදලා

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැලිෆෝනියාවේ පිහිටි තම ගොල්ෆ් ක්‍රීඩාංගණයට පැමිණීමට පෙර, එම පරිශ්‍රය ආසන්නයේ සැක සහිත ලෙස හැසිරුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ෂෙරිෆ් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ 38 හැවිරිදි ජීනීන් ජෝන් ටේලේ (Jeanine John Taele) නම් සැකකරු කැලිෆෝනියාවේ රැන්චෝ පැලෝස් වර්ඩස්හි පිහිටි ට්‍රම්ප් නැෂනල් ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

රත්මලානේ බෝම්බ ප්‍රහාරයක් - බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී එකක් පුපුරා යයි - රටම ඇවිලෙන පුවතක් උදෙන්ම -

රත්මලානේ බෝම්බ ප්‍රහාරයක් - බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී එකක් පුපුරා යයි - රටම ඇවිලෙන පුවතක් උදෙන්ම -

විමර්ශකයන් සඳහන් කර ඇත්තේ, සැකකරු ගොල්ෆ් පිටිය පුරා සැරිසරිමින් ඡායාරූප සහ වීඩියෝ ලබාගනිමින් ආරක්ෂක සැලසුම් නිරීක්ෂණය කරන ආකාරයෙන් හැසිරී ඇති බවයි.

පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ සිවිල් ඇඳුමින් සිටි ෆෙඩරල් නිලධාරීන් විසින් සැක සහිත පුද්ගලයෙකු පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුවයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඔහු පරීක්ෂා කිරීමේදී සඟවාගෙන සිටි පිස්තෝලයක්, නීතිවිරෝධී උණ්ඩ සහ උණ්ඩ 16ක් රඳවාගත හැකි මැගසීනයක් සොයාගෙන ඇති අතර, ඔහුගේ වාහනයේ තිබී තවත් පිරවූ පිස්තෝලයක් සහ අතිරේක උණ්ඩද සොයාගෙන ඇති බවයි.

ලංකාවම මාරාන්තික වෛරස් අවදානමක - මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ලංකාවම මාරාන්තික වෛරස් අවදානමක - මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සැකකරු එල් සෙගුන්ඩෝ පොලිසිය විසින් විමර්ශනය කෙරෙන කොල්ලකෑමේ සිද්ධියකටද අවශ්‍ය පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජනපද රහස් ආරක්ෂක සේවය (US Secret Service) ද සහාය දක්වමින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර, ඉදිරියේදී තවත් චෝදනා ගොනු කිරීමටද හැකියාව පවතින බව බලධාරීන් සඳහන් කර ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මේ දක්වා ජනපති ට්‍රම්ප් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබූ බවට විශ්වාසදායක සාක්ෂි අනාවරණය වී නොමැති බවත්, මහජනතාවට වහාම තර්ජනයක් නොමැති බවත්, ෂෙරිෆ් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති බවයි.

ආයේ මේ විදිහට ඔන්ලයින් සල්ලි තහනම් - මෙවැනි වෙබ් අඩවි අවහිර කිරීමට සමාගම් වෙත නියෝග

ආයේ මේ විදිහට ඔන්ලයින් සල්ලි තහනම් - මෙවැනි වෙබ් අඩවි අවහිර කිරීමට සමාගම් වෙත නියෝග