අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න බැරිවෙයි!! නීතිමය බාධාවක්ද?
Central Bank of Sri Lanka
Uthaya Gammanpila
Singapore
CBSL
By Gagana News
යහපාලන සමයේ සිදුවූ සුප්‍රකට මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එවක මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වනවිට සිංගප්පූරුවේ වාසය කරයි.
ඔහු නැවත මෙරටට ගෙන්වා විමර්ශන පවත්වන බවට වත්මන් රජය පොරොන්දු ලබා දී තිබුණේ මැතිවරණ ජයග්‍රහණයටත් පෙර සිටමය.
එහෙත් එම පොරොන්දුව ඉටු නොවන තත්වයක් පිළිබඳව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශයක් සිදු කොට ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
එකී නීතිමය තත්වය පිළිබඳ සැබෑ තතු ඔහු හෙළිකොට සිටියේ මේ අයුරිනි.
ගම්මන්පිල මහතාගේ අදහස් දැක්වීම පහතින් අරඹන්න.
