ඔබ 18ත් - 45ත් අතර ද? මිය යන්න පුළුවන්... මේ ගැන හිතන්න....

Report

අධික තරබාරුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතරව හෘදයාබාධ රෝගය වැළඳීමේ ප්‍රවණතාවක් වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අංශය පවසනවා.

තෙල් සහිත ආහාර වර්ග අධිකව ආහාරයට ගැනීම සහ ‍යායාමක් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ.

දෙසැම්බර් වන විට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න ලේස්ති වෙන්න - එජාපය කියයි

දෙසැම්බර් වන විට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න ලේස්ති වෙන්න - එජාපය කියයි

මේ හේතුවෙන් වසරකට විශාල තරුණ පිරිසක් ජීවිතක්ෂයට පත්වන බවද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා. අඩු වයසින් හෘදයාබාධ සහ හෘදය ආශ්‍රිත රෝග වැළඳී පුද්ගලයින් මිය යාමේ වැඩි අවදානමක් පවතින බවට මේ වන විට හෙළිවී ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය වසරේ පමණක් හෘද රෝග වැළඳී පුද්ගලයින් 7777දෙනෙකු මියගොස් ඇති බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ෂෙරීන් බාලසිංහම් ප්‍රකාශ කර සිටියා.

ඇය සඳහන් කළේ වයස අවුරුදු18ත් – 45ත් අතර වයස් කාණ්ඩයේ පුද්ගලයින් බොහෝ පිරිසක් හෘදය ආශ්‍රිත රෝග වැළඳීමෙන් මියගොස් ඇති බව‍යි.

ඉන්දීය අවි ගබඩාවක් ලංකාවට...මෝදී සංඥා දීලයි ගියේ

ඉන්දීය අවි ගබඩාවක් ලංකාවට...මෝදී සංඥා දීලයි ගියේ

බොහෝ අවස්ථාවල සුළු වශයෙන් පපු ප්‍රදේශයේ ඇතිවන වේදනාවල් නොසලකා හැරීම සහ තෙල් සහිත ආහාර ගැනීම මෙලෙස වැඩි වශයෙන් හෘදයාබාධ ඇතිවීමට හේතු වී ඇති බව වෛද්‍යවරු පවසනවා.

හැකි සැම විටම ව්‍යායාම කිරිමට සෑමදෙනාම උනන්දු වුවහොත් හෘදයාබාධ වැළඳීම වලක්වාගත හැකි බවද වෛද්‍යවරු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.