උස්සලා ගහනවා කියපු අර්චුනාට යාපනෙන්ම සෙරෙප්පු පාරක් - ලැජ්ජාව පැත්තක තියලා සෙරෙප්පු මාලේ දාපු බැනර් එක වාහනේට දාන් යයි [VIDEO]
තෙල්ලිප්පලෙයි ප්‍රාදේශීය සංවර්ධන කමිටුව ඊයේ (18) දින රැස්ව තිබුණා. ඒ, එස්. ශ්‍රීපවනන්දරාජා මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම කමිටුවේදී තෙල්ලිප්පලෙයි රෝහලේ පිළිකා ප්‍රතිකාර අංශය සහ රෝහල මධ්‍යම රජය යටතට පවරාගෙන එය සංවර්ධනය කර ජනතාවට සේවා සැපයීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.
එමෙන්ම තායිට්ටි විහාරය, ප්‍රවාහන කටයුතු සහ ඉඩම් නිදහස් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇති බව පවසයි.
මං කියපු කිසි දෙයක් මේ වෙනකල් කළේ නෑ.. අගලවත්තේ මාලිමා බලය දෙදරයි - ප්‍රා. සභා උප සභාපති හදිස්සියෙම ඉල්ලා අස් වෙන්න යයි
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී තෙල්ලිප්පලෙයි රෝහල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත.
එමෙන්ම එහිදී මන්ත්‍රී රාමනාදන් අර්ජුනා විසින් "උස්සලා ගහනවා" යන වචනය භාවිත කිරීම නිසා ඒ සම්බන්ධයෙන් මේ වන විට විවිධ විවේචන එල්ල වෙමින් පවතින බවත් වාර්තා වේ.
උපාධි ලෝගුවෙන් සැරසෙන්නට පෙර ඇයත්.. මහවැලිය උඩ ජීවිතයත් මරණයත් අතර අභියෝගාත්මක සටනක් - මුහුණු පොතම කැළඹූ සරසවි සිසුවිය
එවන් පසුබිමක අද(19) දින යාපනය - චින්නක්කඩේ මංසන්ධි ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ රුව රැගත් පෝස්ටරයකට සෙරෙප්පු මාලයක් පළඳවා බැනරයක් ප්‍රදර්ශනය කර තිබෙනවා.
මේ අතර අඩි 10ක් පමණ උසින් යුතුව මෙම බැනරය තිබූ ස්ථානයට අද පෙරවරු 10.00 ට පමණ තමන්ගේ මෝටර් රථයෙන් පැමිණි රාමනාදන් අර්චුනා මහතා එය එතැනින් ගලවා තම මෝටර් රථයට දමාගෙන රැගෙන ගොස් ඇති බව ද සඳහන්.
එසේම මේ සම්බන්ධයෙන් වූ වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,