මං කියපු කිසි දෙයක් මේ වෙනකල් කළේ නෑ.. අගලවත්තේ මාලිමා බලය දෙදරයි - ප්‍රා. සභා උප සභාපති හදිස්සියෙම ඉල්ලා අස් වෙන්න යයි

Report

ආණ්ඩු පක්ෂය වෙත අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට සහයෝගය ලබාදුන් ස්වාධීන කණ්ඩායමේ ඉන්දික ජයලත් තමා හෙබ වූ උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ඉකුත් දා පැවැති අගලවත්ත ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමේදී පැවසූ බව වාර්තා වේ.

ඒ අනුව සිදු කළ විමසීමේදී ඔහු, සිය ධුරයේ දිවුරුම් දී වසරක් සපිරෙන ජුනි මස 26 වැනි දිනට උප සභාපති තනතුරෙන් ඉල්ලා අස්වන බව පැවසූ බව සඳහන්.

එමෙන්ම ඔහු පවසා ඇත්තේ අගලවත්ත ප්‍රදේශය සංවර්ධන කිරීමේ අරමුණින් දේශපාලන භේදයකින් තොරව අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට තමා මාලිමා රජයට සහය දුන් බවයි.

හදිසි අසනීපයකදි හැර ආයේ රාජ්‍ය නිලධාරීන්ට මේ රැස්වීම මඟහරින්න බැහැ - රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමති දන්වයි

හදිසි අසනීපයකදි හැර ආයේ රාජ්‍ය නිලධාරීන්ට මේ රැස්වීම මඟහරින්න බැහැ - රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමති දන්වයි

එහෙත් සභාවේ කටයුතු තමාට කිසිදු දැනුවත් කිරීමකින් තොරව සිදුකරන බවත්, තමා උප සභාපති වශයෙන් ඉදිරිපත් කළ එකදු යෝජනාවක් හෝ මෙතෙක් ක්‍රියාත්මක නොවුණු බවත්, ඔහු ප්‍රකාශ කළ බව සඳහන්.

එබැවින් තමා තවදුරටත් සභාවේ උප සභාපති ධුරයේ කටයුතු නොකරන බවත්, මෙතෙක් නියෝජනය කළ කමිටුවලින් ද තමා ඉල්ලා අස්වන බවත්, ඔහු සභාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඩයස්පෝරාව එකතුවෙලා ලංකාව කෑලි දෙකකට කඩන වැඩේ ලොකු ප්‍රශ්නයක්.. ගිවිසුම් අත්සන් කරන බවට හෙළිදරව්වක්

ඩයස්පෝරාව එකතුවෙලා ලංකාව කෑලි දෙකකට කඩන වැඩේ ලොකු ප්‍රශ්නයක්.. ගිවිසුම් අත්සන් කරන බවට හෙළිදරව්වක්

ඊළඟ ඉලක්කය වසන්ත කරන්නාගොඩද? - ඇමති නලින්දගෙන් ඉඟියක්

ඊළඟ ඉලක්කය වසන්ත කරන්නාගොඩද? - ඇමති නලින්දගෙන් ඉඟියක්