පොලිස් කොස්තාපල්වරියන් බදවා ගැනීමේදී දැඩි අසාධාරණයක් වුණා? විපක්ෂ නායකගෙන් චෝදනාවක්

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා පැවසුවේ පොලිස් කොස්තාපල්වරියන් බදවා ගැනීමේදී දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ කාන්තා පොලිස් කොස්තාපල් තනතුරට බඳවා ගැනීමේ දී ඇගිලි සළකුණු ආදි සියලුම පරීක්ෂණ සමත්වු අපේක්ෂිකාවන්ගේ ⁣වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම කල්දැමීම නිසා පත්වීම් ප්‍රමාද වන බවයි.

2021 ගැසට්ටුව අවලංගු කර 2026 නව ගැසට්ටුවක් හරහා වයස් සීමා වෙනස් කර අධ්‍යාපන සුදුසුකම් වැඩි කර නව කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බදවා ගන්න රජය සූදානම් බවත් මේ නිසා වසර පහකට වඩා පත්වීම් නැතිව සිටින අයට රජය ලබා දෙන පිළිතුර දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ කාන්තා පොලිස් කොස්තාපල් තනතුර සඳහා අයදුම්කර අසාධාරණයට ලක්වූ පාර්ශ්වය සමග විපක්ෂ නායක කාර්යාලයේ පැවැති හමුවකදීය.