පණ බේරගන්න කඩුව අතට ගත්තු අර්චුනා - ඔහුම පොලිස්පතිටත් දැනුම් දීලා

Report

තමාට ජීවිත තර්ජන තිබුණත් ආණ්ඩුවෙන් ආරක්ෂාවක් ලබාදී නොමැති හේතුවෙන් තමාගේ ආරක්ෂාවට කඩුවක් ළඟ තබාගෙන සිටින බවත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට හා පොලිස්පතිවරයාටද දැනුම් දී තිබෙන බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පවසයි.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ තමාගේ ජීවිතයට තර්ජන ඇති නිසා ආරක්ෂාව ලබාදෙන මෙන් මීට පෙර දෙවරක්ම ලිඛිතව ඉල්ලා සිටියද ඒ වෙනුවෙන් ආණ්ඩුවෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව‍යි.

එමෙන්ම ඔහු පැවසුවේ තමාගේ ආරක්ෂාව සඳහා පිස්තෝලයක් ඉල්ලා සිටියද ඒ සඳහාද ආණ්ඩුවෙන් අවසරයක් නොලැබුණු බවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක තනතුරින් ඉවතට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක තනතුරින් ඉවතට

අනතුරුව තමාගේ ආරක්ෂාව සඳහා සතුන්ගෙන් ආරක්ෂාවීමට යොදා ගන්නා ස්ප්‍රේ ගන්(Spray Gun) එකක් ඉල්ලා සිටියද ඒ සඳහාද ආණ්ඩුවෙන් කිසිදු ප්‍රචාරයක් නොලැබුණු බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මේ හේතුවෙන් තමාගේ ආරක්ෂාවට තමා කඩුවක් ළඟ තබාගෙන සිටින බවත් ඵය තමාගේ මෝටර් රථයේද නිතරම තිබෙන බවත් මේ ගැන කථානායකවරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පියවර ගත් බවත් රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා පවසා ඇත.

මහින්ද නාමල්ට අමතයි - නාමල්ට පොලිස් සහතිකයක් ගන්න කියන්න

මහින්ද නාමල්ට අමතයි - නාමල්ට පොලිස් සහතිකයක් ගන්න කියන්න

ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න

ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න