පුතාට වෙඩි තබන්න ආ පියෙක් ආරච්චිකට්ටුවේදී අත්අඩංගුවට

Report

සිය පුත්‍රයාට පිස්තෝලයකින් වෙඩි තැබීමට උත්සාහ කළ පියෙකු ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පිස්තෝලයක් අතින් යුතු පුද්ගලයෙකු සිටින බවට ආරච්චිකට්ටුව පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව සිදුකළ පරීක්ෂණයකදී, එම පුද්ගලයා පිස්තෝලය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මීට වසර 35කට පමණ පෙර සිය පවුල අතහැර වෙනත් ප්‍රදේශයකට පදිංචි වී ඇති අතර, එවකදී ඔහුගේ පුත්‍රයාට වයස අවුරුදු හතරක් පමණ වූ බව වාර්තා වේ.

මේ වසරේදී වතු කම්කරුවන්ට රු. 1,750 දෛනික වැටුපක් - ජනාධිපතිගෙන් පොරොන්දුවක්

මේ වසරේදී වතු කම්කරුවන්ට රු. 1,750 දෛනික වැටුපක් - ජනාධිපතිගෙන් පොරොන්දුවක්

වෙඩි තැබීමට උත්සාහ කළ හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර, පොලිසිය විසින් භාරයට ගත් පිස්තෝලය මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් වන බවත්, එය වසර 15කට පමණ පෙර ආරච්චිකට්ටුව ප්‍රදේශයේ සිටි දාමරිකයෙකු විසින් ඔහුට ලබාදී ඇති බවත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.

අදාළ සැකකරු සමඟ ගිනිඅවිය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

“ඒක පුද්ගලික දේපළක් නෙවෙයි” - සුවසැරිය සම්බන්ධයෙන් චතුරංගගෙන් හර්ෂට දැඩි විවේචනයක්

“ඒක පුද්ගලික දේපළක් නෙවෙයි” - සුවසැරිය සම්බන්ධයෙන් චතුරංගගෙන් හර්ෂට දැඩි විවේචනයක්

කොළඹ යන අයට විශේෂ දැනුවත් කිරීමක්

කොළඹ යන අයට විශේෂ දැනුවත් කිරීමක්