ලංකාවේ කට්ටියත් මඟ බලන් හිටපු අලුත් Apple iPhone 16 මිල ගණන් මෙන්න.
By Wayomi
ඇපල් සමාගම iPhone 16 මාදිලිය කැලිෆෝනියාවේ Cupertino හි Apple Park හිදී පැවැත්වෙන වාර්ෂික උළෙලේදී ඊයේ නිල වශයෙන් වෙලඳපොළට නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව ඇපල් සමාගම හඳුන්වා දුන් නවතම iPhone 16 ඩොලර් 799 කින් ආරම්භ වන බව සමාගම සඳුදා සිය නව කෘතිම බුද්ධි විශේෂාංග එළිදැක්වීමෙන් පසුව පැවසුවා.
iPhone 16 Plus ආරම්භ වෙන්නේ ඩොලර් 899 කින් .
නව Apple iPhone 16 Pro ඩොලර් 999 ක් සහ iPhone 16 Pro Max ඩොලර් 1,199 ක් වනු ඇති.
නව AirPods 4 ඩොලර් 129 ක් මිලවන අතර සක්‍රීය ශබ්ද අවලංගු කිරීමේ විශේෂාංගය සහිත AirPods 4 ඩොලර් 179 ක්.
සමාගමට අනුව Apple හි නව Series 10 ඔරලෝසුව ඩොලර් 399 කින් ආරම්භ වනවා.
නමුත් මේ සියල්ල පෙර-ඇණවුම් කර සැප්තැම්බර් 20 න් පසුව ලබා ගන්න පුළුවන්.
