කෝටියකට වැඩි රන් භාණ්ඩ වලට තට්ටු වුණු අනුරාධපුර commercial credit කොල්ලය...(VIDEO)

Sri Lanka Police Commercial Bank Anuradhapura Money Gold
By Parami Dissanayake Jun 03, 2024 04:21 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

 අනුරාධපුර නගරයේ පෞද්ගලික මුල්‍ය ආයතනයක සේප්පුවක් සොරුන් පිරිසක් විසින් බිද තිබේ.

අනුරාධපුර නගරයේ, බැංකු පෙදෙසේ මෛත්‍රීපාල සේනානායක මාවතේ පිහිටා ඇති පෞද්ගලික මූල්‍ය ආයතනයක සේප්පුව කඩා දමා එහි තිබූ මුදල් හා රන් භාණ්ඩ තොගයක් සොරකම් කර රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද උදෑසන විමර්ශනයක් ආරම්භ කල බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

ලෝක කුසලානයට හිමිකම් කියන රටට ඩොලර් මිලයන 2.45 ක්...

ලෝක කුසලානයට හිමිකම් කියන රටට ඩොලර් මිලයන 2.45 ක්...

මෙම පෞද්ගලික මූල්‍ය ආයතනයේ පිටුපස දොර අගුළු බිද දමා ඇතුළු වී ඇති සොරකු හෝ පිරිසක් එහි තිබූ සේප්පුව කපා දමා මෙම සොරකම සිදු කර ඇති බව පොලිසිය පවසයි .

මෙම සේප්පුව තුල රුපියල් කෝටියකට වැඩි රන් භාණ්ඩ සහ ලක්ෂ 25 කට ආසන්න මුදලක් තිබූ බවට අප කල විමසීමකදී නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

ළඟදී ම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්...

ළඟදී ම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්...

කඩා දමා තිබූ සේප්පුවේ රන් භාණ්ඩ සියල්ල සොරුන් විසින් රැගෙන ගොස් නොතිබූ බවත් ඉන් කොටසක් සේප්පුව තුලම දමා ගොස් ඇති අතර, සොරකම් කර රැගෙන ගිය මුදල් හා රත්‍රන් වල වටිනාකම අද දහවල් වන විටත් ගණනය කර නොතිබූ බව අප කල විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු හෝ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා අංශ කීපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බව ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

ජනපති රනිල් දිවයින පුරා පාලම් 250 ක් ඉදි කිරීමේ සැලැස්මක...

ජනපති රනිල් දිවයින පුරා පාලම් 250 ක් ඉදි කිරීමේ සැලැස්මක...

උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන , අනුරාධපුර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී තිලින හේවාපතිරණ , අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය , අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ ඇතුළු නිලධාරීන් රැසක් එම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කලහ.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%