"අනුර මීටරය" නමින් APP එකක් - ජනපති දුන් පොරොන්දු ඉටු කරනවද බලන්න ගැජට් එකක්

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වූ ප්‍රධාන පොරොන්දු 22 අතරින් එකක් මේ වනවිට සාර්ථකව ඉටු වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

මෙම තොරතුර සනාථ වන්නේ ජනාධිපතිවරයාගේ පොරොන්දුවල ක්‍රියාත්මක වීම නිරීක්ෂණය කරන ‘අනුර මීටරය’ නමැති මාර්ගගත මෙවලම හරහාය.

මෙය වෙරිටේ රිසර්ච් ආයතනයේ manthree.lk වෙබ් අඩවිය මගින් ක්‍රියාත්මක වේ. ඉටුකර ඇති එම පොරොන්දුව වන්නේ උපයාන විට ගෙවිය යුතු බද්ද (PAYE) සංශෝධනය කිරීම යි.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

අනුර මීටරය මඟින් විමර්ශනය කරනු ලබන පොරොන්දු 22 අතරින්, ජනතාවගේ විශේෂ අවධානය යොමුවන ආර්ථික ප්‍රතිසංස්කරණ, ආණ්ඩුකරණය, දූෂණ මර්දනය, නීතිය හා සාමය, සහ සමාජ ආරක්ෂණය යන අංශයන් ආවරණය වේ.

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

මෙම විශ්ලේෂණය අනුව: 22 පොරොන්දු අතරින් 5% ක් සම්පූර්ණයෙන් ඉටු කර ඇත. 35% ක් අර්ධ වශයෙන් ක්‍රියාත්මක වී ඇත. තවත් 14% ක් ආරම්භ කර ඇත. එම පොරොන්දු වලින් 45% කට (පොරොන්දු 10ක්) සම්බන්ධව මෙතෙක් යාවත්කාලීන තොරතුරු නොමැත.

මෙය අනුව, ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ක්‍රියාවට නංවා ඇති ආකාරය පිළිබඳව සජීවී නිරීක්ෂණයක් ලබාදීමට අනුර මීටරය වැදගත් මෙවලමක් බවට පත්වී ඇත.