දෙවැනි නිවහනේ දොරටු මාලදිවයින් ජනාධිපති වෙනුවෙන් ඕනෑම අවස්ථාවක විවෘතයි - ජනපති

Report

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය නව මාවතකට අවතීර්ණ කරමින්, මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ මෙරට සංචාරය ද්විපාර්ශ්වික සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කර තිබේ.

"සෑම සාධනීය කටයුත්තක් සඳහාම ශ්‍රී ලංකාවේ දොරටු මාලදිවයින වෙනුවෙන් විවෘතයි" යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයත් සමඟ මෙම සංචාරය හුදු රාජ්‍ය තාන්ත්‍රික හමුවකට එහා ගිය සහෝදරත්වයේ හමුවක් බවට පත්විය.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ විජේ පෙරමුණට - ඡන්ද උණුසුම මැද විජේගේ නිවස පිටත ආරක්ෂාවත් තර කර‍යි

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ විජේ පෙරමුණට - ඡන්ද උණුසුම මැද විජේගේ නිවස පිටත ආරක්ෂාවත් තර කර‍යි

අසල්වැසි රාජ්‍යයන් දෙකක දේශපාලන සහ ආර්ථික සබඳතා යනු කලාපීය ස්ථාවරත්වයේ කොඳු නාරටිය වන අතර, අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව දෙරටේ නායකයින් අතර පැවැති සාකච්ඡා මෙරට විදේශ ප්‍රතිපත්තියේ මෙන්ම කලාපීය සහයෝගීතාවයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.

මෙම හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ කරුණක් සිහිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව 'දිවා' සුළි කුණාටුවෙන් බැට කෑ අසීරු අවස්ථාවේ මාලදිවයින් රජය සහ එරට ජනතාව දැක්වූ නොමසුරු ශක්තිය සහ සහයෝගය මෙරට ජනතාව ගෞරවයෙන් යුතුව සිහිපත් කරන බවයි.

දෙරටේම ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හිමිකර දීමේ අරමුණින් සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා, තරුණ සංවර්ධන, ලේඛනාගාර මෙන්ම ආරක්ෂක අංශ වැනි වැදගත් ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව පුළුල් කිරීමට රාජ්‍ය නායකයින් දෙදෙනා මෙහිදී එකඟතාව පළ කළහ.

එම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් නව අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද මාලදිවයින් රජය සමඟ අත්සන් තබනු ලැබූ අතර එමගින් දෙරටේ සබඳතා තවදුරටත් විවිධාංගීකරණය කිරීමට අපේක්ෂා කෙරේ. මාලදිවයින් වැසියන් බොහෝ දෙනෙකුට ශ්‍රී ලංකාව යනු ඔවුන්ගේ "දෙවැනි නිවහන" බඳු වන අතර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි සේවාවන් සඳහා ඔවුන් මෙරට කෙරෙහි තබා ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම හමුව ඉමහත් පිටුවහලක් වනු ඇත.

මෙන්න මේ ප්‍රදේශ වලට ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මෙන්න මේ ප්‍රදේශ වලට ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කලාපයේ වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස මාලදිවයින පිළිගන්නා බවත්, එම හවුල්කාරීත්වය නව මානයන් ඔස්සේ පුළුල් කිරීමට ශ්‍රී ලංකා රජය දැඩි උනන්දුවකින් පසුවන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම රාජ්‍ය නායක හමුව මගින් තහවුරු වන්නේ භූගෝලීය වශයෙන් කුඩා වුවද, ඉන්දියන් සාගරයේ අසල්වැසියන් ලෙස මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාව කලාපීය සාමය සහ සමෘද්ධිය ඇති කිරීමේදී ඉතා ප්‍රබල සාධකයක් වන බවයි.