ලැබුණු බලයේ සීමා මායිම් ගැන ජනපති කට අරියි. - අලුත් කැබිනට්ම ණ්ඩලයට අනුර බොක්කටම වදින්න කළ කතාව. - (VIDEO)

Anura Kumara Dissanayaka Sri Lanka Cabinet AKD
By Wayomi Nov 18, 2024 06:40 AM GMT
Wayomi

Wayomi

Report

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක නව කැබිනට් මණ්ඩලය අමතමින් අද කියා සිටියා.

ඒ, අනුව බලයේ කේන්ද්‍රය වන කැබිනට් මණ්ඩලයේ වගකීම් ඉටුකරන ප්‍රමාණය අනුව ආණ්ඩුවේ සමත් අසමත් බව තීරණය වනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ඇරඹෙයි. - නව අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ ලිස්ට් එක මෙන්න. . - (VIDEO)

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ඇරඹෙයි. - නව අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ ලිස්ට් එක මෙන්න. . - (VIDEO)

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

මැතිවරණයේ ප්‍රතිඵල යනු පීඩාවට පත් වූ ජනතාවගේ නිදහසේ ආමන්ත්‍රණයයි. ඒ නිදහස් අවශ්‍යතාවය,ආමන්ත්‍රණය මේ ඡන්ද ප්‍රතිඵලයයි.එම පුරවැසියන්ට කප්පාදු කිරීමේ නිදහසක්, අඩ නිදහසක් දෙන්න අපට කිසිම අයිතියක් නැහැ.

ඒ නිසා සෑම ක්ෂේත්‍රයකම පූර්ණ නිදහස තහවුරු කළ යුතුව තිබෙනවා.නීතිය හා සාමය ස්ථාපිත කරන නිලධාරීන්ට ,වෘත්තීයවේදීන්ට, තම කාර්යය කිරීමට ඇති නිදහස, ආර්ථිකය සාධාරණ පංගුවකට උරුමකම් කීමේ නිදහස,තම ආගම භාෂාව සහ සංස්කෘතීන් අනුව පුරවැසියන්ට නිදහසේ ජීවත් වීමට තිබෙන අයිතිය, අප යළි තහවුරු කළ යුතුයි.

පුනරුද යුගයක් කරා මේ ශ්‍රී ලංකාව ගෙනයා යුතුයි.මේ රටේ ජනතාවට මීට වඩා නිදහස් ලංකාවක් නිර්මාණය කළ යුතුයි.

නව ආණ්ඩු පෙරළියත් එකක් පසුගිය සතියටත් වඩා රන් මිල සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙනන්.

නව ආණ්ඩු පෙරළියත් එකක් පසුගිය සතියටත් වඩා රන් මිල සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙනන්.

ජයග්‍රහණය සඳහා පොදු ජනතාවගේ විශාල මදිහත්වීමක් තිබුණා.අපගේ දේශපාලනය සමඟ සම්බන්ධ නොවූ, අප මුණ නොගැසුණු කතා නොකළ විශාල පිරිසක් නම් ගම් තැන් නොදන්නා පිරිසක් අප වෙනුවෙන් වැඩ කළා.

බස් රියේ, කඩ පොලේ,දුම්රියේ හැම අවස්ථාවේදීම අපගේ ජය වෙනුවෙන් මැදිහත් වුණා.මේ ජයග්‍රහණය සඳහා අප දිගු කලක් පොර බෙදුවා. මෙතන සිටින බොහෝ අය තමන්ගේ ළමා සහ තරුණ කාලයේ සිට ඒ සිහිනය සඳහා පොර බැදුවා.ඒ සඳහා තමන්ගේ කාලය ශ්‍රමය ජීවිතය පවා කැප කර මේ ජයග්‍රහණය අත්පත් කර ගැනීම සඳහා පොර බැලුවා.

ඇරඹුමේ සිට දුෂ්කර අවස්ථා වලදී ඇතැම් අය අතරමගදී දාල කියා. හැබැයි ඔවුන් මේ ජයග්‍රහණය ලබාදීම සඳහා ඇරැඹුමේ දී මෙන්ම අතරමගදී ඊට මැදිහත් වී තිබෙනවා .

අපට වගකීම් දෙකක් තිබෙනවා.එකක් පොදු ජන අරමුණු සඳහා තිබෙන අපේක්ෂාවයි. දෙවැන්න නම් ව්‍යාපාරයක් වෙනුවෙන් තිබෙන වගකීමයි.බලය යනු ඉතා විශේෂ දෙයක්.බලය විසින් බලය උත්පාදනය කරනවා.බලය විසින් බලය ප්‍රසාරණය කරනවා.බලය විසින් යළි යළි බලය වර්ධනය කරනවා.

ශ්‍රී ලංකාවේ පැවැත්වූ බිලියනපති ඩුබායි යුවළගේ ඉන්දීය මංගල උත්සවය. - (VIDEO)

ශ්‍රී ලංකාවේ පැවැත්වූ බිලියනපති ඩුබායි යුවළගේ ඉන්දීය මංගල උත්සවය. - (VIDEO)

බලය දූෂිතයි, අසීමිත බලය අසීමිත ලෙස දූෂිත බව ඇතැමුන් කියනවා.ඇත්ත, බලය දූෂිතයි.අසීමිත බලය අසීමිත ලෙස දූෂිතයි. එය ඔප්පු කර තිබෙනවා.

අප රටේ අවස්ථා අපි කීපයකදීම මෙවැනි බලයන් නිර්මාණය වී තිබෙනවා.හැබැයි එහි අවසන් ප්‍රතිඵලය ගතහොත් ජනතාවට සාධාරණ ප්‍රතිඵල ගෙන දුන්නේ නැහැ.ඒ බලයන් හැමවිටම ජනතාවට අහිතකර ලෙස උපයෝගී වුණා.අසීමිත බලය අප කොතැනකට තල්ලු කරාවිද යන සැකය සමාජයේ නිර්මාණය වෙන්න පුළුවන්.

මා කුඩා හෝ සැකයක් ඇති අයට මෙසේ කියන්න කැමතියි. අපට බලය තිබෙනවා. හැබැයි අපට මේ බලය විසින් සෙල්ලම් කරන්න බැහැ.අපට ලැබුණ මේ බලයේ කොටුවේ ප්‍රමාණය අප දන්නවා.බලයේ සීමා මායිම් අපට තිබෙනවා. එමෙන්ම මෙම බලයට අරමුණක් තිබෙනවා. දිගු කාලයක් ජනතාවට දෙන ලද යහපත් අරමුණු ඉටු කිරීමේ වගකීම බලයට තිබෙනවා. ප්‍රධාන ලෙස මේ බලය වගකීම් සහිතයි.

එක පැත්තෙන් පුරවැසියන්ට මෙන් ම අනෙක් පැත්තෙන් අපගේ ව්‍යාපාරයට වගකීම් අපට තිබෙනවා.අණ පනත් වලින් ,ව්‍යවස්ථාවෙන් භාවිතා වලින් කුමන ආකාර බලයක් අපිට දුන්නත් මේ බලය හැසිරවීමේදී අප වගවීමට ලක්විය යුතුයි.


Sri Lanka Parliamentary Election 2024

  • NPP 0
    Jathika Jana Balawegaya
    0%
  • SJB 0
    Samagi Jana Balawegaya
    0%
  • NDF 0
    New Democratic Front
    0%
  • ITAK 0
    Ilankai Tamil Arasu Kadchi
    0%
ReeCha