අද 11 ට ජනපතිගේ තීරණාත්මක සාකච්ඡාව. - පොල් මිලත් ලබන වසරේ පෙබරවාරි දක්වා ඇදෙයි.

By Wayomi Oct 22, 2024 04:30 AM GMT
Report

සහල්, අල, ළූණු ඇතුළු අත්‍යාවශ්‍ය වියළි ආහාර සම්බන්ධයෙන් පවතින වෙළෙඳපොළ ගැටලු‍ පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊට අදාළ සියලු‍ පාර්ශව සමඟ අද (22) පෙරවරු 11ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

මේ අතර, වෙළදපොලේ ඉහළ ගොස් ඇති පොල් මිල ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා පවතිනු ඇති බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා.

පොල් ගෙඩියක මිල රුපියල් 180 දක්වා ඉහළ ගොස් ඇති අතර, නගර ආශ්‍රිතව අඩු මිල ගණන් යටතේ පොල් අලෙවි කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ඉදිරි දින කිහිපයේදී ආරම්භ කිරීමටයි එම මණ්ඩලය සැලසුම් කර ඇත.

නාමල් රාජපක්ෂ සිටි නිල නිවසේ හදිසි ගින්නක්. - ඒක වෙලා තියෙන විදිහ බලන්නකෝ.

නාමල් රාජපක්ෂ සිටි නිල නිවසේ හදිසි ගින්නක්. - ඒක වෙලා තියෙන විදිහ බලන්නකෝ.

ලක්ෂයක් ආවොත් ලක්ෂයම ගන්නවා. - රැකියා අවස්ථා රැසක්. - ජර්මනියට ගිහින් භාෂාව ඉගෙනගන්න ගැනීමට අවසර.

ලක්ෂයක් ආවොත් ලක්ෂයම ගන්නවා. - රැකියා අවස්ථා රැසක්. - ජර්මනියට ගිහින් භාෂාව ඉගෙනගන්න ගැනීමට අවසර.


මේ අතර බිත්තර තොග සගවන්නන්ට එරෙහිව සිදුකරන වැටලීම් දැඩි කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව වෙළදපොළට බිත්තර සැපයීම සීමා කිරීමක් හෝ තොග නිකුත් කිරීම සීමා කිරීමක් සිදු කරන්නේ නම් නීතිමට පියවර ගැනීමට කටයුතු කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ, තොරතුරු අංශයේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පවසනවා.

පසුගිය දිනවල රුපියල් 28ත් 32ත් අතර පරාසයක පැවති බිත්තරයක මිල මේ වනවිට රුපියල් 40 ඉක්මවා ගොස් ඇත.

රටම ඩිජිටල් කරන්න මිලියන ගානක වැටුප් අත්හැර ලාංකිකයෙක් ලංකාවට. - සති 2න් කරන දේ ජනපති පහදයි.

රටම ඩිජිටල් කරන්න මිලියන ගානක වැටුප් අත්හැර ලාංකිකයෙක් ලංකාවට. - සති 2න් කරන දේ ජනපති පහදයි.

උප ගුරුවරුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ගැන විශේෂ තීරණයක්.

උප ගුරුවරුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ගැන විශේෂ තීරණයක්.