අනුර එක්ක වැඩ කරන්න ඇමෙරිකාව ලෑස්තියි.- බයිඩන්ගෙන් ජනපති අනුරට ලැබුණු සුබ පැතුම.

Anura Kumara Dissanayaka Joe Biden United States of America AKD
By Wayomi Oct 08, 2024 10:57 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් තහවුරු කරමින් පසුගිය ජනාධිපතිවරණය සහ පශ්චාත් ජනාධිපතිවරණ සමය ඉතා සාමකාමී අන්දමින් පවත්වා ගැනීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන සබඳතා සිහිපත් කරමින් සමස්ත අමෙරිකානු ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබපැතුම් එක් කරමින් ජෝ බයිඩන් මේ බව සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය. - මෙන්න එම ලැයිස්තුව.

පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය. - මෙන්න එම ලැයිස්තුව.

සුබ ආරංචියක්. - මෙරට සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්. - අගමැතිනියගෙන් විශේෂ පණිවිඩයක්.

සුබ ආරංචියක්. - මෙරට සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්. - අගමැතිනියගෙන් විශේෂ පණිවිඩයක්.


අමෙරිකානු ජනාධිපති බයිඩන් මහතා සිය සුබ පැතුම් පණිවුඩයෙහි මෙසේ මෙලෙස සටහන් වී ඇත,

"මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන සාමකාමී නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් ඔවුන්ගේ අනාගතය හැඩගස්වා ගැනීම සඳහා ජනතාව තුළ වන කැපවීම ඉස්මතු කෙරේ."

එමෙන්ම සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ ප්‍රගතිය අත්පත් කරදීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබෙනවා.

සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ ප්‍රගතිය අත්පත් කරදීම සඳහා දෙරට අතර සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව ද එක්සත් ජනපද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

මේ අතර ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව ඉස්මතු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ජනාධිපති බයිඩන් විසින් සුභවාදී අදහස් පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

බදු නැතිව පෙට්‍රල් සහ ඩීසල් මිල රු150කට විකුණන්න පුළුවන්.

බදු නැතිව පෙට්‍රල් සහ ඩීසල් මිල රු150කට විකුණන්න පුළුවන්.


එමෙන්ම ආර්ථික වර්ධනය, කලාපීය ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යන ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම උදෙසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත්, ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් සඳහා ස්ථාවර, සෞභාග්‍යවත් සහ වඩා සාධාරණ රටක් පිළිබඳ වන දැක්ම සාක්ෂාත් කර ගැනීමට එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා යොමුකළ සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

මෙම පණිවුඩය අමෙරිකානු - ශ්‍රී ලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ලබන අතර, කලාපයට ප්‍රතිලාභ ගෙන දෙන සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරන මුලපිරීම් සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට දෙරට තුළම ඇති සූදානම ද පෙන්නුම් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරත් සිය නිවේදනයේ සඳහන් කර ඇත.  

රජයෙන් වැඩිකළ සහනාධාරය ලබන සඳුදාට ලැබෙන්නේ මෙහෙමයි.- රු. බිලියන 02 ක් ගැන අමාත්‍ය විජිත කී කතාව.

රජයෙන් වැඩිකළ සහනාධාරය ලබන සඳුදාට ලැබෙන්නේ මෙහෙමයි.- රු. බිලියන 02 ක් ගැන අමාත්‍ය විජිත කී කතාව.