VAT, Income tax සහන ඇතුළු අනුරගේ රජයෙන් සහන රැසක්.? - IMF සාකච්ඡාවේදී සිදු වූ දේ මෙන්න.

Anura Kumara Dissanayaka IMF Sri Lanka AKD
By Wayomi Oct 04, 2024 07:49 AM GMT
Wayomi

Wayomi

Report

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස හමුවේ ඊයේ (3) සඳහන් කළා.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බ්‍රෙයර් (Dr. Peter Breuer) යන ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීයි.

නූලෙන් බේරුනු ධම්මික පෙරේරා දේශපාලන ජීවිතය ගැන හදිසි තීරණයක්.?

නූලෙන් බේරුනු ධම්මික පෙරේරා දේශපාලන ජීවිතය ගැන හදිසි තීරණයක්.?

රට සිහින පෙන්නලා මෙන්න ගහලා තියෙන ගේම්! හිටපු ඇමති මනුෂට කෙලවෙන්නයි යන්නේ. - (VIDEO)

රට සිහින පෙන්නලා මෙන්න ගහලා තියෙන ගේම්! හිටපු ඇමති මනුෂට කෙලවෙන්නයි යන්නේ. - (VIDEO)


මෙහිදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත හා දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිලධාරීන් පිරිසක්ද සහභාගී වු මෙම හමුවේ දි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයට ලක් කරනු ලැබුවා.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ අරමුණු සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් රජයේ පුළුල් එකඟතාව යළි මෙහිදී තහවුරු කළ ජනාධිපතිවරයා ජනතාව මත පැටවෙන පිඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළගාවීමේ වැදගත්කම ද අවධාරණය කළා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වැඩසටහනේ තුන්වන සමාලෝචනය ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු කෙරුණු අතර ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් යම් ප්‍රමාදයන් ඇති විය හැකි නමුත්, බාධාවකින් තොරව එම කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහතික විය.

කිරිඇල්ල අර්බුදයක. - දුව තරග කරන්න ඉල්ලයි. - තාත්තාට ගෙදර ඉන්න වෙලා.

කිරිඇල්ල අර්බුදයක. - දුව තරග කරන්න ඉල්ලයි. - තාත්තාට ගෙදර ඉන්න වෙලා.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම මෙහිදී අගය කළ IMF නියෝජිතයන් ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කරන ලද විකල්ප ප්‍රවේශයන් පිළිබඳව සාකච්ඡා කිරීමට ද එකඟතාව පළ කර ඇත.

පළමු කැබිනට් මාධ්‍ය හමුවේදීම ඇමති විජිත කට වරද්දා ගනී. - විශේෂ නිවේදනයක්.

පළමු කැබිනට් මාධ්‍ය හමුවේදීම ඇමති විජිත කට වරද්දා ගනී. - විශේෂ නිවේදනයක්.

උදේම වැඩ පටන් අරන්. - පොලිස් මූලස්ථානයේ ආන්දෝලනයට තුඩුදුන් පරණ ෆයිල් උඩට ගනී. - වැඩේ කරලා තියෙන්නේ කවුද බලන්නකෝ.

උදේම වැඩ පටන් අරන්. - පොලිස් මූලස්ථානයේ ආන්දෝලනයට තුඩුදුන් පරණ ෆයිල් උඩට ගනී. - වැඩේ කරලා තියෙන්නේ කවුද බලන්නකෝ.