"හරි හරි ඔහොම ඉන්න" - කතාවක් අස්සේ ප්‍රේක්ෂකයෙක් ඇසූ IMF ප්‍රශ්නයෙන් අනුර හිර වූ හැටි. - (VIDEO)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම්ගත වී ඇත්තේ ශ්‍රී ලංකාව සමඟ මිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ, අනුර කුමාරගේ කතාව අතරතුර රැළියේ සිටි අයෙකු IMF පිළිබඳ ඔබේ මතය කුමක්දැයි දිගින් දිගටම අනුර කුමාරගෙන් ප්‍රශ්න කළ අතර, පසුව ඔහු එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින්.
ඔහු මේ බව සඳහන් කළේ ගල්කිස්ස ප්‍රදේශයේ පැවැති ජනරැලියකට එක්වෙමින්.
